Namjoon pov.
පරිස්සමෙන් ගිහින් මට කෝල් එකක් දෙන්න..
දේ හ්‍යුන්...
ගිය ගමන් හරි ද...
හරි හ්‍යුන්.. ගිය ගමන් ම ගන්නම්.. අනික මං පොඩි බබෙක්.නෙවෙයිනේ හ්‍යුන්.. 😒
එවුනාට මට පොඩි එකානේ පැහෙන්නෙ නැතුව ඉන්නවා.. ජින් හ්‍යුන් නැට්ට තද වෙලා වගෙ කෑ ගහන්න ගත්තා... මං හිනාවක් දාලා flight එක ඇතුළට ආවා.. first class එකේ නිසා වැඩිය සෙනගකුත් නෑ... දැන් නම් පොඩි නිදහසක් මට දැනෙනවා..
මම කිම් නම්ජුන් .. විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක්.. අවුරුදු ගානකට කලින් ස්විස්ටර්ලන්ඩ් වලට ආවට පස්සෙ පළවෙනි වතාවට මං අද කොරියාවට යනවා... මොකද මට හිතෙනවා මට මෙහෙ දි හම්බෙන්නෙ නැති නිදහස එහෙදි හම්බවේවි කියලා..
වීදුරු ජනේලයෙන් පේන පුළුන් පොකුරු වගේ වලාකුළු දිහා මං දිගටම බලන් ඉදියා.. වලාකුළු හරියට මං වගේ.. පාවෙනවා ඇරෙන්න වෙන කිසිම දෙයක් කරන්න බෑ..කිසිම හැගීමක් නැතුව මං අනිත් අය නිසා ජීවත් වෙනවා..
මට තේරෙන්නෙ නැති මගෙ ජිවිතේ තියෙන හිඩැස මොකද්ද කියලා මට හිතා ගන්න බෑ.. ඒ හ්‍යුන් කියනවා වගෙ මගෙ ආදරේද.. ඒත් ආදරේ කරන්න ආදරේ ගැන හැගීමක් ඇති වෙන්න ඕනි.. මේ ජිවිත කාලෙටම මට ඒ වගෙ දෙයක් දැනිලා නෑ.. ඉතිං ආදරේ හම්බුණත් මට පුලුවන් වෙයිද ඒ හිඩැස ජිවිතෙන් ඈත් කර ගන්න..
පැය කිහිපයක ගමනකින් වගෙම මට ගොඩ දවසකින් ලැබුණ සුවපහසු නින්දෙන් අනතුරුව මං ආවා.. මගෙ රට වෙලත් මං හුග කාලෙකින් ඇවිත් නැති තැනට.. මේ තරම් කාලෙකට මං මෙහෙට ආවේ නැත්තේ ඇයි කියලා මට හිතා ගන්න බෑ..මං මගෙ ලැගේජ් එකත් අරන් එළියට ආවත් එක පාරටම මට ඉස්සරහින් ඉදපු ගෑණු ළමයා එතනින් යන්න හදනවත් එක්කම චුටි බබෙක් අතින් අතෑරුණ බෝලේ පෑගිලා ලිස්සුවත් එයා බිමට වැටුණේ නෑ.. කවදාවත් කිසිම ගෑණු ළමයෙක්ව බේරගෙන නැතත් අද පළවෙනි පාරට මගෙ අත් වලින් ඒ ගෑණු ළමයව අල්ල ගත්තා..
YOU ARE READING
I Love You More Than Anyone Else
Short Story" මම කිම් නම්ජුන් .. විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක්.. අවුරුදු ගානකට කලින් ස්විස්ටර්ලන්ඩ් වලට ආවට පස්සෙ පළවෙනි වතාවට මං අද කොරියාවට යනවා... මොකද මට හිතෙනවා මට මෙහෙ දි හම්බෙන්නෙ නැති නිදහස එහෙදි හම්බවේවි කියලා.. " " එයාගෙ මූණ ටිකක් ලෙඩ පාටයි... මිනි...