- 05 -

599 86 22
                                    

----------------

වෛද්‍යවරයා වාර්තා එකින් එක ගෙන නැවත පිරික්සුවේය.

      " එක්ස් රේ රිපෝට්ස් වලට අනුව දරුවගෙ ඔලුවෙ ප්ලේසස් කීපෙකටම බර ආයුධයකින් පහර දීලා තියෙනවා.. නැත්තම් ඉවුර පහළට පෙරලෙනකොට ගල් වල වැදිලා වුණ ඩැමේජස් වෙන්නත් පුලුවන්.. ඒ මොනවා වුණත්.. මේක රෙයා කන්ඩිශන් එකක් මිස්ට' කරුණාසේකර. හෙඩ් ඉන්ජරි එකකින් පස්සෙ රෝගියෙක් සම්පූර්ණයෙන්ම වෙනස් භාෂාවක් කතා කරපු අවස්ථා තියෙනවා. ඒත් මට තවම හරියටම කියන්න බැරි මේක ෆොරින් ඇක්සන්ට් සින්ඩ්‍රොම් ද බයිලින්ග්වල් අෆේශියා ද කියන එක.  ෆොරින් ඇක්සන්ට් සින්ඩ්‍රොම් එකේදි වෙන්නෙ පේශන්ට් කතා කරන භාෂාව වෙනස් නොවී ඇක්සන්ට් එක වෙනස් වෙන එක. බයිලින්ග්වල් අෆේශියා කියන්නෙ පේශන්ට් සම්පූර්ණයෙන්ම වෙනස් භාෂාවක් කතා කරන එක. "

    " හරි ඩොක්ට' ඒත් මේ දරුවා නොදන්න භාෂාවක් කතා කරන්නෙ කොහොමද? මේ ඉන්නෙ ස්කූල් එකේ ඉන්ග්ලිශ් මිස්, මිස් කියන විදියට නෙලුම්ගෙ ඉංග්‍රීසි දැනුම බිංදුවයි... "

    " ඔව් ඩොක්ට'. නෙලුම්ට ඉන්ග්ලිශ් පේන්න බෑ. අඩුම ගානෙ Alphabet එකවත් කියවන්න නෙලුම් දැනගෙන හිටියෙ නෑ. එක්කො නිදි පොත උඩ, නැත්තම් පීරියඩ් එක කට් කරනවා. "

      " සුද්දෙකුටවත් බැරි තරම් හොදට ඉංග්‍රීසි කතා කරන්න පුලුවන් වුණේ කොහොමද? British Accent එක ඒ විදියටම කතා කරනවා කිසිම අඩුපාඩුවක් නැතුව. "

      " දරුවා සිංහලත් කතා කරනවා නේද? "

" ඔව් ඉතින්.. ඒත් වචන හසුරුවන්න පවා ටිකක් අමාරුයි .. "

    " මෙහෙමයි මිස්ට' කරුණාසේකර. Brain එකේ Language Learning වලට අදාළ Areas වලට ඩැමේජ් වුණොත් මේක Possible. English ඉගෙනගන්න අකමැති වුණත් මේ දරුවට English Teacher උගන්නන වචන ටික හරි ඇහිලා නැත්තෙ නෑනෙ. ෆ්ලුවන්ට් වෙන්න අවශ්‍ය නැහැ. Basics විතරක් ඉගෙනගත්ත කෙනෙක් වුණත් Head Injury එකකින් පස්සෙ extremely fluent speaker කෙනෙක් වගේ foreign Language එකක් කතා කරපු අවස්ථා නැත්තෙ නෑ.  අපි තව ටෙස්ට්ස් ටිකක් කරලා Neurologist කෙනෙක් ළඟට පේශන්ට්ව යොමු කරමු. මේ දරුවට Amnesia Condition එකකුත් තියෙනවා මට පේන විදියට. දරුවව ටෙස්ට්වලට ගේන්න. දෙමව්පියො නෑ කිව්වා නේද.. ගුරුවරු දෙවිවරු කියන්නෙ නිකන් නෙවෙයිනෙ.. I really appreciate your effort as teachers. "

සියපතක රොන්සුණු ( Completed | BL | Non FF | Sci-Fi )Место, где живут истории. Откройте их для себя