- 23 -

386 62 38
                                    

♡♡♡♡♡♡♡♡♡♡♡♡

රවුම් රෝද වැනි කොකිස් කටේ දිය වෙයි. නෙලුම් අත්තම්මාගේ මුහුණ දෙස හොරෙන් බලා තවෙකක් තෙල් බහින්නට දැමූ වට්ටියෙන් ඩැහැගත්තේය. ඈ රැව්වාය. ඒශ්වර් සිනාසුනේ මුලු සිදුවීම දෙස බංකුවක් මත හිදගෙන බලා හිදිමිනි.

" මූ මෙතන තියාගෙන නං බදින්න හම්බෙයි කොකිස්! කොල්ලො ගින්දර ටිකක් ඇදපං ඔය පැත්තෙන්. " ඇය කූර තර්ජනාත්මක ව ඉහලට එසවූවාය. නෙලුම් ගන්නට ගිය කොකිස අතහැර ඒශ්වර් දෙස බැලුවේය. කිසිම තේරුමක් නැතිව ඔහු බඩ අල්ලාගෙන හිනාවෙමින් සිටියි. ' දැන් ඉන්න පොඩි උන්ට කැස්සක් ගියත් හිනා ' ඔහු සිතුවේය.


" ඒශ්වර්ට දෙන්න එකක් ගන්න හැදුවෙ.. "

" උට ඕන්නං ඌ ගනී. උබ ගත්ත එක කාහං. "

නෙලුම් විනාඩියක් පමණ නිහඩ ව කොකිස කෑවේය. ඔහු තෙල් තාච්චිය දෙස බලාගෙන ගැඹුරු කල්පනාවක ය. හඩ අවදි නොකළ ද දෙදෙනාගේම අවධානය ඔහුගේ මුහුණ මත විටින් විට වැටුණි. කුරුස් කුරුස් හඩින් සුන්දර දත් දෙපල මැද කරපිංචා කොළ ලියා දමා බඳින ලද අවසන් කොකිස් කෑල්ල පොඩි කර දැමූ ඔහු අත්තම්මා දෙස හැරුණි.

" අත්තම්මා... ඔයා කිරිබත් උයන්නෙත් හාලුයි පොල් කිරියි වලින් නේද? "

" නැතුව ඉතින්... "

" කොකිස් හදන්නත් හාල් නෙ කෙටුවෙ.. පොල් කිරිත් දැම්මා.. "


" ඉතින්? "

" කොහොමද අත්තම්මා එකම හාලුයි කිරියි වලින් එක්කට එකක් එච්චර වෙනස් කෑම දෙකක් හැදෙන්නෙ? "

" ඕකද උබ ඔච්චර වෙලා කල්පනා කළේ? "

" ම්හ්ම්.. "

" අනේ අනේ කොල්ලො.. එකම හාල යි කිරියි වුණාට පුතේ හදන ක්‍රමේ නෙ වෙනස්. කිරිබත් හදන්නෙ හාල් ලිපේ තියලා වතුරෙන් උයලා ඒකට කිරියි ලුණුයි දාලා, කෙහෙල් කොලේකින් තවලා මට්ටම් කරලා කැට කපලා. කොකිස් හදන්නෙ හාල් පොගවලා තෙත හාල් කොටලා අරන්, ඒකට ලුනුයි පොල් කිරියි කරපිංචා කොල ඩිංගකුයි සීනි ඩිංගිත්තකුයි දාලා ගැඹුරු තෙලේ බැදලා. "


සියපතක රොන්සුණු ( Completed | BL | Non FF | Sci-Fi )Where stories live. Discover now