- 28 -

359 64 17
                                    

♡♡♡♡♡♡♡♡♡♡♡

ඇගිලි අතර පෑනක් කරකවමින් සිටි රහල් ගේ ඇස් ලැප්ටොප් පරිඝනකය මත රැදුණ ත් කල්පනාව බොහෝ දුර ගොස් තිබුණි.

     ඔහු සිතුවේ ම නෙලුම් ගැන ය.

      කොලුවා මුලු ගමන ම කතාබහෙන් වැලකී සිටියේය. ඔහු කිසිවෙකුගේ මුහුණු දෙස නොබැලුවේය. අසාමාන්‍ය සුන්දරත්වයකින් පරිපූර්ණ කොලුවෙකු වුව ද ඔහුගේ සමාජශීලීත්වයෙහි හිදැස් පැවතියේය.

      කල්පනාවට බාධා කළේ දොරකඩින් මතු වූ කොලුවා ය.

" ආහ්.. චූටි පුතා.. " රහල්ගේ කට කොනක සිනහවක් රැදුණේය. ' උබට සෙට් වෙලා තියෙන්නෙ එසේමෙසේ මරාලයක් නෙවෙයි වසත්.. හොද වැඩේ පකයට.'

   " එන්න එන්න.. මං හිතුවෙ එන්න රෑ වෙයි කියලා.. "

    " අයියා වසත් ස' ඉන්නවද? "

      " ස' ට පොඩි වැඩක් පැට්ටො.. එද්දි හතර විතර වෙයි. "

" ඒනම් මං හවස් වෙලා එන්නං.. "

    " ඇයි? මං කන්නෑ තමුසෙව. හරි, මං porch එකේ ඉන්නංකො. ඇතුලෙන් ඉන්න ඇවිත්. "

  රහල් පරිඝනකය ත් ලිපිගොනුත් සහිත කුඩා මේසය අහුරාගෙන ගුරු නේවාසිකාගාරයෙහි පියස්සට ගියේය. මායාන් වැනි අහිංසක කොල්ලෙක් වසත් වෙනුවෙන් පමණක් එසේ හිතුවක්කාර ලෙස හැසිරෙන්නේ ආදරය නිසාම ද? කටේ කිරි සුවද නොගිය මේ පොඩි උන් ආදරය ගැන දන්නේ කුමක්ද? වසත් නිසාම කොල්ලාට තවම අකටයුත්තක් සිදුව නොතිබුණ ත් වසත් වෙනුවට වෙනත් කිසිවෙකු එතැන සිටියේනම්..? ඔහුට ප්‍රතිඵලය ගැන සිතන්නට නූමනා තරම් සිදුවීම් රාජකාරි ජීවිතය තුල දෑසින් දැක අත්විද තිබුණේය.

    කොලුවා අතේ වූ පාර්සලය රැගෙන ගොස් ඇදේ හිදගත්තේය. කීකරු පොඩි එකෙකු සේ එසේම සිටි ඔහු දෙස බැලූ රහල් උගුර පෑදුවේය.

    " කාලද? "

" හ්ම්ම් .. "

" තේ එකක් හදලා දෙන්නද? "

" එපා.. "

" ගෙදරින් දන්නවද දැන් මෙහෙ ඉන්නෙ කියලා..? "

සියපතක රොන්සුණු ( Completed | BL | Non FF | Sci-Fi )Where stories live. Discover now