මම තෙව්හස් නිතුන් පෙරේරා.
මම කොළඹ ජනප්‍රිය ස්කෝලේක 13 වසරේ ඉගෙන ගන්නවා.. ඉගෙනීම පැත්තට වඩා මම පොඩි කාලේ ඉදන්ම ආස උනේ ක්‍රීඩා වලින් ඉස්සරහට යන්න .. ඒ නිසා මම ස්කෝලේ කරන්න පුළුවන් හැම sport එකම කලා සහා sport පැත්තෙන් මට ගහන්න පුළුවන් එකෙක් අහල පහල එක ස්කෝලෙකවත් හිටියේ නෑ... තව මම music ඉගෙන ගන්නවා.. මට guitar , piano එහෙම හොදට play කරන්න පුලුවන්
පෙනුම ගත්තොත් මම ටිකක් උසයි සුදුයි.. sports කරන නිසයි ජිම් යන නිසයි ඇග ටිකක් ෆිට් එකට තිබුනා.. ඒ නිසා ගෑනු ලමයිගේ වදෙන් නම් ගැලවෙන්න හෙන අමාරු උනා..
අපේ වටේ තියෙන girl school වල කෙල්ලොන්ගෙන් ඇහුවොත් crush එක කව්ද කියලා ඒ දෙන උත්තර වල අනිවාර්යයෙන්ම මමත් ඉන්නවා..
මට මගේ යාලුවෝ එහෙම කතා කරන්නේ තෙව් කියලා.. අම්මට තාත්තට නම් මම ලොකූ..
ඊලගට මගේ පවුල ගැන කිව්වොත්, මගේ පවුලේ ඉන්නේ මමයි , අම්මයි , තාත්තයි,මගේම නොවන මල්ලියි..
මල්ලි නම් මගේ එක කුස උපන් සහෝදරයා නෙවෙයි.. එයා ගැන කිව්වොත් , එයාගේ නම හසරැල් ශෙනුල් පෙරේරා..
එයා මට වඩා පාටින් , උසින් අඩුයි.. හැබැයි හරි හුරතල්.. හිනාවෙනකොට කම්මුල් වල ගැහෙනවා
මගේ පුංචිගේ පුතා තමයි හසරැල්. හසරැල්ට වයස අවුරුදු දෙකේදී එයාගේ අම්මා තාත්තා දෙන්නම නැති වෙන්නේ දරුනු ඇක්සිඩන්ට් එකකින්.. හසරැලුත් ඒ වෙලාවේ කාර් එකේ හිටියත් වාසනාවකට එයා බේරුනා
එතනින් පස්සේ මගේ අම්මයි තාත්තයි එයාව ගත්තා හදා ගන්න.. මට මතකයි ඉස්සර බෝල ගෙඩියක් වගේ හිටියේ එයා.. දැක්කම ආස හිතෙනවා.. ඒවගේ හුරතලෙක්ව අනාත නිවාසෙකට දාන්න අපි කාටවත් හිතක් තිබ්බේ නෑ.. එදා ඉදන් එයා අපේ අම්මගේ තාත්තගේ චූටි.. මම ආදරේට කියන්නේ පොඩී කියලා. තමන්ගේ නොවුනත් අම්මයි තාත්තයි පොඩීට පණ ඇරලා .. මාත් එහෙමයි
එයා මගේම ස්කෝලේ 12 වසරේ ඉගෙන ගන්නවා..
එයා හාත්පසින්ම මගේ විරුද්ධ පැත්ත..Sports කියලා මෙලෝ දෙයක් කරන්නෑ.. හෙන අහිංසකයි.. ඉගෙන ගන්න හැබැයි හෙනට දක්ශයි..
එයා මට ආදරෙයි.. කොයි වෙලෙත් කට පුරා අයියේ කියා ගත්ත ගමන්මයි...මම නම් අතේ ඇගිලි ගානටත් වඩා අඩුවෙන් එයාට මල්ලි කියලා කතා කරන්නේ
මොකද එයා ගැන මගේ හිතේ තිබ්බේ ඊට වැඩි දෙයක්..
පුංචි කාලේ ඉදන් මම හරි ආදරෙයි එයාට.. එයාගේ වල ගැහෙන කම්මුල් වලට මම හෙන ආසයි.. එයාට තිබ්බා ලෝකේ තියෙන අහිංසකම ලස්සනම හිනාව... පුංචි කාලේ හරියට තේරුනේ නැති උනත් එන්න එන්න ලොකු වෙන කොට මට උනත් තේරුනා මට එයා ගැන තිබුනේ සහෝදර කමකට වඩා දෙයක් කියලා..මටත් ඒකේ වරදක් පෙනුනේ නෑ.. එයා මගේම සහෝදරයා නෙවෙයි.. ඉතින් ඒක ප්‍රශ්නයක් නෙවෙයි.. මම එහෙමයි හිතුවේ...
ඉතින් මේ අපේ කතාව..........
YOU ARE READING
නෙත් මානෙම || TK ( Nonfiction )
Non-Fiction" ආදරේ දැනෙන්න මට උබගේ අරහෙන් මෙහෙන් අල්ලන්න ඕන නෑ බන්.. ආදරේදී මුලින්ම ඇල්ලෙන්නේ ඇස් වලින්.. හරියට මං උබේ ඇස් මගේ ඇස් වලින් ඇල්ලුවා වගේ "