" ම්.. මොකද්ද මට වෙන්නෙ- "
විසල් පලිඟුවන් නාන බේසම තුළ නෙලුම් තබා විලවුන් සුවද ගැල්වූ සේදුම්කාරකයන් හි ඔහු ගිල්වා පිරිසිදු කරන ලද්දේ මිසුශිමාගේ දෑතින් ම ය.
දරුවාගේ උපතත් සමඟ රාජකීය මානසිකත්වයක හුන් ජපන් ජාතිකයා සොදුරුතම රුවැති දහසය හැවිරිදි කොලුවා සිය නිදන කුටිය තුලට පිලිගත්තේ අගමෙහෙසින් කොටගෙන දැයි නෙලුම් කල්පනා කළේ වික්ශිප්ත ඇහිබැම නිතර දෙවේලේ එකට යා කරගෙන ය.
ජනෙල් නැති... සඳලුතල නැති දොරක් පමණක් ඇති ජපන් ගෘහ නිර්මාණ ශිල්පයේ අගතැන් දුටු සොදුරු කුටිය තුල නෙලුම් නොදුටුවේ ඩිජිටල් තිරයක් පමණකි. කුටිය තුල මිසුශිමා භාවිත කළ එකම සන්නිවේදන උපකරණය සිය අතෙහි පැලඳ සිටි ඔරලෝසුව යි. නෙලුම් හා ළදරුවාට ඔහුගේ නිදන කුටිය තුළ සුරලොව ද නැති යැයි සතිර සුවපහසුකම් හිමිව තිබුණේය. අහිමි වූයේ ද නෙලුම් පැතූ එකම දේ ද නිදහස යි. අගුලු ලන ලද දොරෙන් ඔබ්බට වූ නිදහසයි. සිය අත්තම්මාගේ ද අත්තාගේද එකම දේපොල වූ තනි කාමරයේ මැටි පැල්පත යි... අසිපත්ගේ රැවුමක ගෙරවුමක කෙලවරේ දැවටී විත් සිය කම්මුල් මතට දඟකාර රතක් ගෙනා හිනාව යි.
ESTÁ A LER
සියපතක රොන්සුණු ( Completed | BL | Non FF | Sci-Fi )
Ficção científicaමේක චැලේන්ජ් එකක්... ඉවසීමක් තියෙන කෙනෙකුට විතරක් ම රසවිඳින්න පුළුවන් වෙයි කියල හිතනවා මම.. ඉවසීමක් නැත්තම් අත නොතියන තරමට හොද පොතක් 🤍 Science fiction / Romance ************* " .............. ඉතින් සත්තුන්ගෙ පඩි හැලෙන එකට මං මක්කරන්නද? " " උ...