" ඇයි සුදු මහත්තයෝ මෙහෙම කරේ... "
" මගෙන් පලිගන්නද? අහ්හ්... "
" උඹේ වැරැද්දක් නෑ මැණිකේ... මමයි වැරදි... "
" වචනයක් කතා කරපන්කෝ පණේ... "
" උඹ ඔහොම ඉදිද්දි මට දරාගන්න බෑ මැණික... "
ටෙරාන් බදාගෙන පැයක් , දෙකක් , තුනක් මුළු රැයක් සමාව ඉල්ලන ගමන් අවසිහියෙන් වගේ අභිත් කියව කියව හිටියා.
Phone එකේ daily alarm එකට ටෙරාන් 6.00 ට ඇහැරෙද්දි අභිත් තාමත් ඊයේ office ගිය ඇදුම් පිටින් එයාගේ එක අතක් ටෙරාන්ගේ ඉණ වටින් යවලා ඇද උඩ තියන එයාගේ අනිත් අත උඩ ඔළුව තියාගෙන ඇදට හේත්තු වෙලා බිම ඉදගෙන නිදාගෙන හිටියා.
ටෙරාන් එයාගේ ඉණ වටේට තදට එතිලා තිබ්බ අභිත්ගේ අත එයාගේ ඇගෙන් අයින් කරලා බිම ඉදගෙන ඉන්න අභිත් දිහාවට බැල්මක් වත් නොදී ඇදෙන් බැහැලා bathroom එකට ගියා. Brush කරලා මූණ හෝදගෙන ඇවිත් එයාට coffee එකක් හදාගත්ත ටෙරාන් dinning table එකේ වාඩි වෙලා හෙමින් හෙමින් හදාගෙන ආව coffee එක බොන ගමන් අද දවසේ එයා අභිත්ගේ ජීවිතෙන් අයින් වෙන්න ගහන plan එක ගැන ආයෙ ආයෙම හිතුවා.
ඊයේ අභිත්ව මිචෙල් එක්ක දැක්ක වෙලාවෙම තමන් ආදරේ කරන මනුස්සයා වෙන කෙනෙක් එක්ක ඉන්නවා දකින එක කොයිතරම් වේදනාවක් ද කියලා අභිත්ට පෙන්නන ඕන කියන කුරිරු හැගීමක් ටෙරාන්ගේ හිතට ඇවිත් තිබුණා. අද ගැන විතරක් හිතුව ටෙරාන්ට එයාගේ මේ ක්ෂණික කෝපය එයාලගේ අනාගතේට මොන විදියෙ බලපෑමක් ඇති කරයිද කියන එක ගැන නිකමට වත් කල්පනා නොවුණා.
ටෙරාන් coffee බොන අතරේ නින්දෙන් නැගිට්ට අභිත්ට නිදාගෙන හිටිය ඉරියව්ව නිසා බෙල්ලේ කොන්දේ ඉදන් මුළු ඇගම රිදෙන්න ගත්තා. ඒත් ටෙරාන් ඇදේ නෑ කියලා දැක්ක ගමන් කලබල වුණු අභිත් ටෙරාන්ව හොයාගෙන කාමරෙන් එළියට දුවගෙන ආවා. ඊයෙ දාන් ගිය මේස් පවා තාම කකුලේ තියෙද්දි බෙල්ට් එක ගලවල කලිසමට උඩින් ශර්ට් එක දාගෙන ශර්ට් එකේ අත් දෙකත් නිකම්ම උඩට උස්සගෙන බ්ට්න් කීපෙකුත් අන්බට්න් කරගෙන හිටිය අභිත් දකින මනුස්සයෙක්ට ලෙඩෙක්ද කියලා හිතෙන තරමට පට්ටම අව්ල් විදියට හිටියා.
ВИ ЧИТАЄТЕ
අභිරන් 🌹 | Sinhala BL
Щоденники та біографіїමට ඕනේ හැමදාම... නුඹෙ තුරුලටම වී ඉන්න... 🌹 TaeKook Non Fanfiction #1 roses #1 marshmallows #1 nonfic #1 nonfanfiction #1 nonff #1 nonfanfic 2023.12.09 2024.06.08