A Loving Heart 02

93 14 75
                                    

ඔම්මාහ්... අනේ..

නෑ ලකී... ඔයාට අපි කියන දේ අහන්න බැරි නම්.. අපිත් ඔයා කියන දේ අහන්නෙ නෑ..

ඒත් ඔම්මා cardiologist කෙනෙක්..

ඉතිං මොකද...

ඔම්මා මේ හල්මොනි කියන්න දේ අහන්නේ නැති නිසා ඒකට ම දාන්න... අනික මං ඉන්න නිසා පැනලා යන්නත් බෑනේ.. 😌

අනේ මේ මොට්ට ඔප්පෝ.. කට වහන් ඉන්නවා..

ඔහොම ද ඔප්පට කතා කරන්නේ යුන් කී..

ආහ්.. ඔම්මා මට ඔය නම් කියන්න එපා මගෙ නම ලකී...

ලකී.. හරියට බලු කුක්කෙක් වගේ.. 😅

යාහ් ඔප්පා ගහනවා හරි ද..

මං බය වෙයි.. 😏

දෙන්න ම දැන් නවත්තන්න ඕක... යුන් කී ඔයා එහෙ යනවා.. ගිහින් එහෙ අවුරුද්දක් වැඩ කරන්න ඕනි තේරුණා නේ.. ඊට පස්සේ ඔයාට අපෙ හොස්පිටල් එකේ වැඩ භාර ගන්න පුලුවන් ...

ආහ්.. මේක අසාධාරණයි ... ඔප්පට එයා කැමති එක කරන්න පුලුවන් .. මට තමා බැරි.. මං කිව්වෙ ඔප්පව තල්ලු කරලා මගෙ කාමරේට එන ගමන්..

ඇයි අප්පා මට ම මෙහෙම වෙන්නේ.. ඒ කැමරා කරපු එකාට හොදක් වෙන්න එපා.. මගෙ සතුටින් ගෙවුණ ජිවිතේ කාලා දැම්මා... 😪 එදා මාව live social media වල නොගියා නම් මං අද යුන්කි ඔප්පා ළග නේ.. මගෙ සතුට නැති වෙලා අදට දවස් විස්සක්..

එදා යුන් කී ඔප්පගෙ anniversary concert එක දවසේ උදෙ ඉදන් ම හැමෝම බිසි වුණා.. මමත්.. මොකද යුන් කි ඔප්පගෙ හැමදේම බැලුවේ මම.. ඒත් කොන්සර්ට් එක අතර මැද දි ඔප්පා ගෙ කකුල උළුක් වෙලා පඩිපෙළෙන් වැටුණේ අපි හැමෝම ගොඩක් බය කරලා.. හැමදාම medical team එකක් අරන් ගියත් එදා ඩොක්ටර් ට එන්න බැරි වුණා..

ඒ මදිවට ඔප්පා හුස්ම ගන්න එක එකපාරට ම නැවතෙද්දි මට පිස්සු හැදුණේ නැති එක විතරයි.. මට අප්පා වගේ ආදරේ කරන කෙනා අමාරුවෙන් ඉන්නකොට මට තවත් නිකන් බලන් ඉන්න බැරි නිසා මං බෙහෙත් කරන්නම් කිව්වත් කවුරුත් මං කියන දෙ ඇහුවේ නෑ.. ඔව් ඉතිං මේ බඩු එහෙ මෙහෙ අරන් යන නිකන් කෙල්ලෙක් මං ඩොක්ටර් කෙනෙක් කිව්වා කියලා පිළිගනි ඈ...😒

කට්ටිය ම මට ඈත් වෙලා ඉන්න කිව්වත් මං එයාලව අයින් කරල ඔප්පා ළගට ගිහින් CPR එක දුන්නේ ඔප්පාගෙ හාර්ට් එක වැඩ කරවන්න ඕනි නිසා.. උදේ හදිසියට ආව නිසා මට කොණ්ඩේ හරියට බැද ගන්න බැරි වුණ එකෙ ප්‍රතිවිපාකේ මට ඵල දුන්නා.. 😪

A Loving Heartजहाँ कहानियाँ रहती हैं। अभी खोजें