episode 17

1.7K 222 29
                                    

" බලහන් උබේ හැටි ඔහොමද බස් එකෙ ආවා .අනේ මන්ද මාලි අක්කෙ දැන් ඉන්න උන්ට පුදුම කුලප්පුවක් තියෙන්නෙ.
ඕවා දැන් ගලේ ගහලවත් හෝදන්න පුලුවන් වෙයිද දන්නෙ නෑ "

" බනින්නෙපා නංගි කොල්ලොනෙ "

ගෙදර කඩුල්ල පැන්නා විතරයි අම්මට කාලි වැහිලා. ඇයි ඉතින් පිස්සෙක් වගේ නෙ ආවේ .
අර බේසාවෝ දෙන්නට කිව්වා මම නිල් ගහන්න එපා කියලා.
දැන් ඉතින් බැනුම් අහපන්කෝ.
මම නෑහෙන ගානට කාමරයට ඇවිත් බෑග් එක අස් කරල රෙදි හෝදලා නා ගත්තා.

මගේ අත් දෙක රතු වෙලා රින්සෝ වලට .
තදට නිල් පැල්ලම් වැදිලා තිබුන ඇදුම් වල පැල්ලම් මැකෙන කල් ම ඉලුවා.
තියෙන්නෙත් ෂර්ට් තුනයි.කලිසම් තුනයි.
ඒකෙන් එකක් හොදටම පරණයි කහ ගැහිලා.
ඉතුරු දෙක තමයි මාරු කර කර අදින්නේ .
හොද වෙලාවට මම හිතලම පරණ එක ඇදන් ගියේ .
නැත්නම් කනක් ඇහිලා ඉන්න හම්බ වෙන එකක් නෑ ...
දැන් රෙදිත් ගණන් මැහුම් කුලියත් ගණන් නෙ ..

කාමරේට ඇවිත් මම එහෙම්ම ඇදට වැටුනා.
දැන් තමයි උඩ පැනන් නටපුවැ අමාරුකම් තේරෙන්නේ .
කකුල් පුපුරු ගහනවා.
ඒ ගමන් ආයෙත් අඹයි පේරයි මතක් වෙලා මම ආයෙත් නැගිට්ටේ අර යකාගෙ අම්මා මුත්තා මතක් කරගෙන .
බඩ වෙලා නම් මිනිහට කියපන්කො හදල ගෙනත් දෙන්න කියල මාවම කනව ..
පුදුම මල වදයක් වුනානේ ...

" පුතේ අර බාස්කට් එකෙ මම ගෙනල්ලා තිබ්බා හොදේ ..
    මම ටිකයි ගත්තේ පුතාලට වැඩිපුර ගෙනාවා .."

" අහ් තෑන්ක් යූ හොදේ ..."

මාලි නැන්දා මට බාස්කට් එකක දාපු තම්බපු වෙරලු එකත් දීලා පල්ලම් බැස්සා ..

" කාටද ඔය ..."

" මම හෙට ගමනක් යනව යාලුවෝ එක්ක "

" කොහේද "

" පවුරු කන්ද "

" දැන් කවුද උබේ ඔය නල්ල මලේ යාලුවෝ ටික .."

" පන්තියේ අයයි අයියල දෙතුන් දෙනෙකුයි. අර මෙහෙ ආපු අයියා කතා කරේ මට එන්න කියලා "

" මොන ...?"

" දෙනුවන් අයියා "

මම ඒක කියාගෙන වත්තට ගියා .
අම්මා මොකවත් කියන එකක් නෑ දැන්
මොකද කියවගෙන ආවොත් එයාගේ කට වහන්නත් මට කරුණු කාරණා තීනවනෙ.

නිදුක් Where stories live. Discover now