Chapter 06

62 11 0
                                    

ජ..ජන්ග්කුක් .. ජන්ග්කුක් ක්වෙන්චනා ..

  මගෙ ඔලුව පුපුරන්න වගෙ රිදෙද්දි මට හුරු පුරුදු කටහඩක් ඇහුනා.. අවුරුදු ගානකට කලින් මට ඇහුණ ඒ හඩ ආයෙ ම.. මං අමාරුවෙන් ඇස් අරිනකොට.. ඒ හිනාව ඒ මූණේ තාමත් තිබුණා..

  එ..ඒ.. ජ..ජන්ග්කුක් නැගිට්ටා.. හ්‍යුන්..

මොකද යකෝ කෑ...අහ්.. ජන්ග්කුකා.. ක්වෙන්චනා ...

  කුකියා....

  මට ඒ කට හඩවල් ඇහෙද්දි ඒ රූප දකිද්දි අවුරුදු ගානක් හිර වෙලා තිබුණ කදුළු එළියට ආවා..  මට කිසිම දෙයක් කතා කර ගන්න බැරි වෙන කොට මට කරන්න පුලුවන් එක ම දේ වුණේ අඩන එක විතරයි..

  ජන්ග්කුකා.. කියන ගමන් ජින් හ්‍යුන් මාව බදා ගනිද්දි මට ඒ ආදරේ තාමත් දැනුනා.. ටේහ්‍යුන් හොසෙයොක් හ්‍යුන් ඒ දෙන්නගෙ ආදරෙත් දැනෙන කොට මාව අවුරුදු විසි පහකට කලින් තිබුණ ඒ ආදරණිය මොහොතවල් වල හිර වුණා.. කොච්චර වෙලාවක් ද කියන්න මම දනෙන්නෙ නෑ... මගෙ වයසට මේක ගැලපෙනව ද කියන්න මම දන්නෙ නෑ.. ඒත් මගෙ හිතේ දුක නැති වෙනකම්.. හේදිලා යනකම් මං කරේ අඩපු එක විතරයි..

  ජන්ග්කුකා මොකද වුණේ.. අහ්.. මං අඩන එක නවත්තලා බලා ගත්ත අත බලාගෙන ඉන්න අතරේ මගෙ ළගට ආව ටේහ්‍යුන් අහද්දි මේ වෙනකම් මං දරා ගත්ත දුක් ජින් ඒ එක්ක තිබුණ ඒ ආදරණීය මතක හැම දේම මං හ්‍යුන් ලා එක්ක කිව්වා..

  ජින් ඒ ව අරන් ගියෙ එයාගෙ ඔම්මා කියල ශුවර් ද.. ටේහ්‍යුන් අහද්දි මං ඔලුව වැනුවෙ මට කිසිම දෙයක් හිතා ගන්න බැරි නිසා.. මේ තරම් වයසට ගිහිනුත් මං තාම හැසිරෙන්නෙ පොඩි එකෙක් වගෙ ද.. මං දන්නෙ නෑ...

  එක පාරට ම ආව දරු දුක මොකද්ද දන්නෙ නෑ.. හොසෙයොක් හ්‍යුන් තරහින් කියද්දි ජින් හ්‍යුන්..

අපි එයාව හොයා ගමු ජන්ග්කුකා..

  කතා කරන්න එපා මා එක්ක.. හ්‍යුන් හ්‍යුන් ගගා ඉදලා නොකිය ම ගියෙ තනියම කර ගන්න පුලුවන් නිසා..

  ටේහ්‍යුනා.. ජින් හ්‍යුන් කියද්දි ටේහ්‍යුන් තරහින් යන්න ගියා..

  ගනන් ගන්න එපා කුකියා ඒකට දුකයි.. ඔයා නොකියා යන්න ගියා ම හොයපු නැති තැනක් නෑ.. හැම වෙලෙ ම මතක් කරා හෙව්වා.. වෙඩින් එක දවසෙත් කුකියා ඉදිය නම් කියලා මතක් කරා..

She Is My Treasure ( Complete )Where stories live. Discover now