සුදු අරලිය මල් කිනිත්තේ සිව්වැනි කුසුම...

489 65 46
                                    

" ඒ පොඩි එකා.. !! මෙහෙ වරෙං.."



කවුද ඩෝ පොඩි.. පොඩ්ඩක් හීනි වෙලා කොට උන පලියට පොඩි එකා කියන්නෙ.. දෙන්න තියෙන්නෙ මූට..

යකෝ මට දාසයක් දැන්.. !!



" දුලාජ් අයියා මටද කතා කලේ.."



" ඔව් ඔව් උඹට තමා.."



මම දුලාජ් අයියා ලඟට ගියාම මූ මගේ කොලර් එකෙන් ටිකක් තදට අල්ලගත්තෙ නැතෑ..

යකෝ මූ.. !!



" ම්ම්ම් අයියා පැත්තකට වෙලා කියන්න තියන දෙයක් කිව්වනම් මොකද.."
" මම කියන්නෙ මගෙ ඇඳුම අතෑරලා.."



" හහ්හ්.. අනේ මේ කට වහගනින් පොඩි එකෝ.."
" උඹේ කන පලනවා දැන ගනිම්.. පොඩි එවුන් ඉන්න ඕන පොඩි එවුන් විදිහට.."



මූට දතක් කැඩෙන්නම ගහනවද..

ම්හ්ම්.. එක්කො බෑ.. උදේම ප්‍රශ්න දාගන්න හොඳ නෑ.. අනික මොකක් ගැනද කියන්නෙ කියලා දන්නෙත් නෑනෙ මම තාම..



" අයියෙ බඩුවක් වගේ වටේ යන්නැතුව කියන්න තියෙන දෙයක් කියපංකො.."



" උඹ මටද යකෝ බඩුව කිව්වෙ.."



" ඔය ඔය ඉතින්.. වැරදියට තේරුම් අරන්නෙ.."
" මං කිව්වෙ අයියට බඩුවක් වෙන්නෙපා කියලා විතරයි.."



මං හිතන්නෙ මගෙ කට කොනේ හිනාව දැකලා ඌට තව තද වුනා.. මාව පිටිපස්සට තල්ලු කරපු දුලාජ් අයියා උගෙ ගැන්සිය දිහා බලලා මට ලංවුනා..



" උඹ වගේ පොඩි එවුන්ගෙන් මං කලින් සමාව ඉල්ලලම නෑ.."
" ඒ කියලා මට යුගාන් අයියා එක්ක කේස් දාගන්නත් බෑ.. මොකද ඌ නයා වගේ මිනිහා.."
" හැබැයි මට උඹ වගේ ගැරඬි පැටව් ගැන බලාගන්න බැරිකමක් නෑ කියලා මතක තියාගනින් මල්ලි.."



අමෝ අමෝ හිච්චි ප්‍රින්සිපල්.. මූ ගැන්සියත් එක්කම යනකොට මම ලාවට හිනාවෙලා මගෙ කොලර් එක හදාගත්තා.. මූ නම් ප්‍රශ්නයක් වගේ.. බලමුකො ඉස්සරාට..

සුදු අරලිය...Where stories live. Discover now