දහවල සොඳුරුය.. රාත්‍රිය නිසසලය.. උදෑසන පිවිතුරුය.. එහෙත්, සුන්දර බලංගොඩ ප්‍රදේශයට නම් උදෑසන මිහිඳුම් බරය.. උදේ වරුවේ මුල් පැය කිහිපයක්ම කන වැකෙන කුරුළු ගී නාදය සිත් සතන් නිවාලනු විනා ඇවිලීමක් නම් නොමැත.. වලව් වත්තට මායිම්ව ගලා යන සීතල දිය පහර ගල්පරවල හැපී බිඳීයන හඬ ඔහුගේ නිදන කාමරය තෙක් ගලාඒම පිළිබඳ ඔහු නිතර තම ඇතුලාන්තයෙන්ම තුටු විය.
ඔහු නමින් දේවක මිහිඳුම් එක්නැලිගොඩ.. එක්නැලිගොඩ වලව්වේ වර්තමාන ආඩම්බරය ඔහුය. ස්වභායෙන්ම නිවුනු ගතිගුණ වලට උරුමකම් කී දේවක කුඩා කල පටන්ම සතාසීපාවට ගහකොලට ආදරය කල බව ඔහුව දන්නා හඳුනන කිසි කෙනෙකුට නොරහසකි. ගතින් හැඩි දැඩි සිරුරකට හිමිකම් කියන හේ පැහැයෙන් මදක් තලෙලුය.. නමුදු මී පැණි බිඳක් එම සිරුරේ ගැල්වුවහොත් වෙනසක් දැකිය නොහැකි තරමට ඔහු පැහැපත්ය.. පිලිවෙලට කැපූ කොන්ඩය සහ රැවුල, පවුලේ නම්බුවට පයින් ගසමින් නිතර පළඳින කලු පැහැදි කරාඹුව සහ රිඳී බ්‍රේස්ලයට නිසාවෙන් අර නිවුනු මුහුනට මුහුවී තිබුනේ මඳක් සෙල්ලක්කාර පෙනුමකි. නමුත් ඔහු කඩවසම් ය.. පුළුල් පපු උරහිස් දැඩි වූ පේශී සහ ඉදිරියට නෙරා ඇති ස්‍වරාලය හේතුවෙන් ඔහු නොමඳවම තරුණියන්ගේ ආකර්ෂණයට ද බඳුන් වන්නට විය...
"හහ්හ්.." බිත්ති ඔරලෝසුව දෙස නෙත් කොනින් බලා කියවමින් සිටි පොත වසාදමමින් බර සුසුමක් පිට කල දේවක ඇඳෙන් නැගිට්ටේ ය. තවමත් උදැසන අටේ හෝරාව පසුවූවා පමණි. නමුත් දහයට ආරම්භ වීමට නියමිත උපකාරක පන්තියට නියමිත වේලාවට යාමට නම් ඔහු නමයටවත් නිවසින් පිටත් විය යුතු ය..
තුවායත් උරහිස මතින් දමාගෙන විගසින් නානකාමරයට වැදුණු දේවක ඉක්මනින් තම රැවුලද සාදාගෙන ඇඟපත සෝදාගත් විගස නැවත නිදන කාමරයට පැමිණෙමින් පෙරදා රෑ ඔහුගේ 'සුදුචූටි' විසින් සකස් කර තිබූ කලුපැහැ කලිසම සහ ලා කහ පැහැ කමිසය ඇගලාගන්නට පටන් ගත්තේ තමන්ටම සිතෙන් බැණගනිමිනි.
"ශිට්...! හැමදාම පරක්කු වෙනවනෙ පොතක් කියවන්න ගිහින්."
ඔහු කලබලෙනි. නමුත් ඔහුහේ මේ බොරු කලබලයට හේතුව නම්, පන්තියට ප්‍රමාද වීමද නොවේ.. පන්තියට තව වෙලා තිබුනත් නිවසින් පිටත් වීමට පෙර 'සුදුචූටිගේ' මූණ සිඹ විනාඩි 5ක් හෝ ඒ සුරතල් විඳ පිටත් වීමට තිබූ අවශ්‍යතාව විසින් ඔහුව මෙලෙස කලබල කරන්නට විය.
YOU ARE READING
සිහිලැල්
Non-Fictionනෙලාගැනුමට නොහැකි වූවද අත් හැරීමත් නොවේ ප්‍රේමය බලා දුර හිද කතා නොකරම සුසුම් පපුවක හිරකිරීමය.... -සිහිලැල් මේධාර-