6

19 3 0
                                    

කවදහරි දවසක මන් මේ හීන පාට කරනවා සුදූ...

කවදහරි දවසක ඔයාගේ පපුවට තුරුල් වෙලා ආසම සින්දුවක් අහන්න....
නිදාගෙන ඉද්දි දැකපු ඒ හීනේ කවදමහරි දවසක මන් ඇත්ත කරනවා!!
ඒකට හීනයක්ම වෙන්න දෙන්නේ නැහැ.

ඔයා වෙනුවෙන් මොන දේවල් මට අතාරින්න උනත්..
නෑ ඔයා වෙනුවෙන්ම නෙමෙයි!
මගේ සැනසීම වෙනුවෙන්...මගේ සැනසීම වුනු ඔයා වෙනුවෙන්...
මම ඕනම දෙයක් අතාරිනවා!...

--

මගේ ඇස් වලින් කදුලු වැටෙන වාරයක් වාරයක් ගාණේ මට මතක් වෙනවා...
"අඩන්න එපා මැණික,මටත් දුකයිනේ.."

ඔයාගේ මේ වචන මතක් වෙන නිසාම ඇස් දෙකෙන් ඒ කදුලු වලට එළියට පනින්න දෙන්නෙ නැතුව පිහදාගන්නේ ඔයා මන් අඩනවට ආස නෑ කියලා දන්න නිසා.

මන් ඔයාට නොසෑහෙන්න ආදරෙයි සුදූ!!
හදවත ගලවලා අතට දෙන්න පුලුවන් නම් මන් ඒකත් කරලා..ඒ තරම්ම මන් ආදරෙයි මගේ සුදූට...

ආදරේ කරනවා කියන්නෙ විදවනවා කියන එකම නෙමෙයි කියලා මට කියලා දුන්නු මගේ ආදරණීය සුදූට,

හැමදාම හිනාවෙන්න ළමයෝ!
ඔයා ලස්සනම හිනාවෙලා ඉද්දි...ඔයාගේ කොච්චර ෆොටෝස් තිබුනත් මන් බලන්න ආසම ඔයා හිනාවෙලා ඉන්න ෆොටෝ එක..!!!

'මාව දැක්කම ඔයා හිනාවෙන විදිහ..'
ඒ හිනාව තමා මාව ජීවත් කරන්න හේතුව.
මොකද මම හොදටම දන්නවා...ඒ හිනාව එළියට මාව දැක්කම විතරයි කියලා!

ඉතින් ඔයා හැමදාම ඒ විදිහට හිනාවෙලා ඉන්න නම් මන් ජීවත් වෙලා ඉන්නෝන කියලා මන් දන්නවා!
අනිත් හැමදෙයක්ම,හැමකෙනෙක්ම මට මේ ලෝකේ අතෑරලා යන්න හේතු වෙද්දි...ඔයා විතරක් මට ජීවත් වෙන්න හේතුවක් උනා...

මිහිපිට ඒන්ජල් කෙනෙක්ගෙ ආදරයක් ලබන්න තරම් වාසනාවක් මට කොයින්ද කියලා මටම විශ්වාස කරන්නත් බෑ...

මනුස්සයෙක්ට පුලුවන්ද ඒ තරම් ආදරණීය වෙන්න?
අපි කැමතිම පොතේ ඉන්න ආදරණීයම කැරැක්ටර් එකටත් වඩා ආදරණීය වෙන්න?
නෑ නෑ!! ඒනම් මනුස්සයෙක් වෙන්න බැහැ...
ඔව් ඒනිසා තමයි මන් ඔයාට ඒන්ජල් කියන්නේ...

මම දැකපු එකම ඒන්ජල්!!...

(My sweetest Angel)

My Dear,Moon!Where stories live. Discover now