ලබන සදුදා තාත්තාගෙ ආසාව ඉෂ්ට කරන්නම් කියලා club එකට ගියත් එකේ ඉන්න අයව දැක්කහම මට හොදටම බය හිතුනා. එයාලා හැමෝම මට වඩා උසින් මහතින් වැඩි අය. උස මහත විතරක් නෙවෙයි වයසිනුත් වැඩියි. අපේ ඉස්කෝලෙ ප්‍රසිද්ධම අයියලා එතන හිටියා. මට වඩා අවුරුද්දක් දෙකක් තුනක් වැඩිමල් අය පවා.
" ඉතින් මල්ලී... මම තමා මේ සංගමයේ උප සභාපති. ශොනාල් වීරසේකර. ඉදගන්න"
ෂොනාල් අයියා කියන නම මට මීට කලින් ඇහිලා තිබුනත් අද තමයි මං මුල් වතාවට එයාව දැක්කේ. එයාට ලස්සන හිනාවක් වගේම ආස හිතෙන කතාබහක් තිබුනා.
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. නම : ශොනාල් වීරසේකර
වයස: අවු 19" මෙහෙමයි මල්ලි... අපේ club එක සම්පූර්ණයෙන්ම දුවන්නේ ගුරුවරුන්ගෙන් පිට. ඒ කියන්නේ ගුරුවරු සම්බන්ධ නෑ. හැබැයි අපිට අපේ වැඩ වලට චන්දන සර් ඉන්නවා. ඒත් ඒ සර් එන්නේ මොනවා හරි විශේෂ අවස්තාවක විතරයි. අනික තමයි මේ club එක ඇතුලේ වෙන දේවල් පිටට යන්න බෑ. මං මුලින්ම අනතුරු අගවලයි පටන් ගන්නේ... ඔය පොඩි පොඩි රණ්ඩු අරවා මේවා. මේ හැමදෙයක්ම උපරිමේටම යනවනං එන්න පුලුවන් අපේ සභාපති අයියා ලගට විතරයි. ඒ වගේම ඔයා අපේ club එකට අලුත් නිසා මුලදිම training වලට සම්බන්ධ කර ගන්නේ නෑ. මුලදි ටිකක් කට්ට කාලා පස්සේ පස්සේ තමයි හිතේ හැටියට ඉන්න පුලුවන් වෙන්නේ. ටිකක් මහන්සි වෙන්න වෙයි...
මේ වගේ ලොකූ නිරි රීති පද්ධතියක් ෂොනාල් අයියා මට කියලා දුන්නත් ඒ එකක්වත් මගේ ඔලුවේ හරියට තැන්පත් උනේ නෑ. අන්තිමේදි පිටු දහයක් විස්සක් විතර තියෙන ලොකු ලේකනයක අග මගේ අත්සන ගහන්න උනා. ඒත් මට ඒක කියවන්න ලැබුනේ නැහැ. එච්චර දිග එකක් මට කියවන්න ඕනෙකමක් තිබුනෙත් නෑ.
![](https://img.wattpad.com/cover/272624273-288-k850725.jpg)
YOU ARE READING
༺ℌ𝔢 𝔠𝔞𝔫 𝔰𝔩𝔢𝔢𝔭 𝔴𝔦𝔱𝔥 𝔞𝔫𝔶𝔬𝔫𝔢࿐🍂(completed)
Romanceලංකාවේ ප්‍රසිද්ධ පිරිමි පාසලක සිදු වූ සත්‍ය කතා වස්තුවක් පාදක කොටගෙන ගෙතූ ප්‍රබන්ධ කතාවක්.... 20+ BL True beauty BL version 💎 #1 in SL (2021.08.03) #1 in socialproblems (2021.08.03) #2 in boyluv (2021.08.01)