06

3.5K 529 64
                                    

මොනවද මේ වෙන්නේ...මට පිස්සු වගේ... මම දැන් ඇවිදින මලකදක් වගේ වෙලා. කවුද ඇත්ත කියන්නේ... කවුද බොරු කරන්නේ.... ඒත් මට අයියාව විශ්වාසයිනේ. ඒත් මේ හැමෝම එකතු වෙලා මට මෙහෙම දෙයක් කිව්වේ ඇයි. මං නොදන්න කතාවක් තියනවද? අලුත එන අයට දෙන Rag එකක් වගේ එකක්ද මේ... මේක එයාට සුලුපටු දෙයක් වෙන්න ඇත්ද...
ඔව්...
ෂොනාල් අයියා පලවෙනි දවසේ කිව්ව දෙයකින් මගේ ඔලුව තවත් අවුල් වුනා.

'club එකට අලුතින් එන හැම කෙනෙක්ම ඔයා වගේ රූම් එක අතුගාන්න යනවා... ඒක හැමදාම වෙන දෙයක්'

එදා මට මගේ වේදනාවෙන් ගැලවෙන්න උදව් දුන් ඒ වචන ටික අද මගේ වේදනාව දෙගුන තෙගුන කරා.

"ඉදුවර... මම ඒත් බැලුවා ඇයි පරක්කු කියලා..."

මම දන්නෙම නැතිවකල්පනා කර කරම room එකේ දොර ලගටම ඇවිත්. ඒත් මගේ මූනේ වෙනදා තිබුනු හිනාව අතුරුදන්. මගේ තිබුනු සෙල්ලක්කාරකම අතුරුදහන්... මට ව්‍යාජ හිනාවක් ගන්නවත් පුලුවන්කමක් තිබුනේ නෑ... ඕනෙ වුනේ නෑ...

"එන්න යං ඇතුලට

"මල්ලී... ඔයාට අසනීපද?... ඔලුවේ කැක්කුමද? වෙන මොනවා හරි අමාරුවක්ද?..."

"අම්...නෑ... මේ නිකන්...මහන්සියට..."

"ඔයාට අමාරුද?"

"නෑ"

"බෙහෙත් ගන්න යමුද?"

"ඕනෙ නෑ"

"ඔයා ඇඩුවද? ඔව්නේද? මට වෙනසක් දැනෙනවා"

😰😖😭 මෙහෙම කෙනෙක් මට බොරු කරනවා කියලා හිතන්නෙවත් කොහොමද මම😭😭😭මොනවද මේ වෙන්නේ.... මගේ හිත එහෙම කිව්වත් නැවත මගේ හිතට ඔහුව පරීක්ෂා කර බලන්නම හිතුනා. මගේ යටිහිත පොර පිටියක... ඒත් අන්තිමේදි මගේ හිත ජය ගත්තා.... ඔව් මගේ හිත...

"අයියා මං යන්නං"

"මම ඔයාව ගිහින් දැන්නම්"

"එපා ඕනෙ නෑ"

"ඇයි එපා කියන්නේ😳"

"මට ඒ හැටි අමාරුවක් නෑ...මට යන්න පුලුවන්"

"ඒත් මල්ලී අඩු තරමේ.....

"එපා එපා එපා... මට ඉදහසේ ඉන්න දෙන්න"

༺ℌ𝔢 𝔠𝔞𝔫 𝔰𝔩𝔢𝔢𝔭 𝔴𝔦𝔱𝔥 𝔞𝔫𝔶𝔬𝔫𝔢࿐🍂(completed)Where stories live. Discover now