1

116 16 6
                                    


"Y/n බේබි කෝ ඔයා.. මෙන්න තේ එක.. "

"ආහ්... හ.. හරි හරි ති.. තියල යන්න ආජුමා.. "

"බේබි ප්‍රශ්නයක්ද.. "

"අහ් නෑ... මේ උණු වතුර වලට පිච්චුනා.. "

"ආ හරි හරි බේබි මම යනවා.. "

ඊයෙ පෝය දවස නිසා මාව පරිවර්තනය උනා.. අද උදේ බාත්රූම් එකට පැනගත්තෙ ආයෙ මනුස්සයෙකුට පරිවර්තනය වෙද්දී... ඒ අමාරුව නිසා ටිකක් කෙදිරි ගෑවුනා.. දැන් හරි..

මං එතනින්ම නාගෙන ටිකවෙලාවකින් කොන්ඩෙත් පිහ පිහ බාත්රූම් එකෙන් එලියට ඇවිත් ඇද උඩින් ඉදගත්තා..

මම කංග් y/n.. කංග් කියන්නෙ මාව හදාවඩාගත්තු දෙමාපියන්ගෙ වාසගම.. ඔව්.. මං අනාතයෙක්.. අනාත නිවාසෙදි මාව හොදට සල්ලි තියන කපල් එකක් බාරගත්තා.. එයාල හරි හොදයි.. තමන්ගෙ ලමයෙකුට දෙන හැම සැපක්ම මට දුන්නා..
ඒත් මං එයාලට හන්ගන ලොකු දෙයක් තියනවා.. මම වෘක මනුස්සයෙක්.. ඒ කියන් වෙයාවුල්ෆ් කෙනෙක්.. මං ඒක දැනගත්ත දවසෙ මට හිතුන දේවල් හිතාගන්න පුලුවන්ද.. මට පිස්සු නොහැදුනා විතරයි.. මගෙ පලමු පරිවර්තනය උනේ මට 17දි.. ඒක උනේ අනික හයි ස්කූල් එකේදී.. ඒත් එදා මට කොහෙද තිබ්බ ලොකු වාසනාවත් පතබෑවුනා.. මගෙ හොදම යාලුවා.. කිම් ටේහ්‍යුන්.. එයත් වෘකයෙක්.. මං පරිවර්තනය වෙන්න ගද්දි එයයි මමයි ටයිකොන්ඩෝ රූම් එකේ හිටියෙ.. එයා මට ටයිකොන්ඩෝ කියල දෙනවා කියලා පොරොන්දු උන නිසා මමයි එයයි තනියම එතන්ට ආවෙ.. එයයි මට එදා උදව් කරේ.. මට මුකුත් මතක නෑ හැබැයි.. මං එයාව මරන්න හැදුවලු එවෙලෙ.. ටේ මාව අමාරුවෙන් පාලනය කරන් තියෙන්නෙ.. එදා තමයි එයා මට කිව්වෙ එයා වෙයාෆුල්ෆ් කෙනෙක් කියලා.. එයත් පුදුම උනා මං ගැන.. මාත් පුදුම උනා මගෙ හොදම යාලුවා මෙච්චර කල් මෙහෙම දෙයක් හංගලා කිව්වම..

ඊට පස්සෙ මම යුනි සිලෙක්ට් උනා.. පුදුමෙ කියන්නෙ ටේත් ඒකටම සිලෙක්ට් වෙලා තිබ්බා.. ඒත්... ටේ දැන් ටික කාලයක් ඉදන් හරි වෙනස්.. මං එයාට ගොඩක් ලං වුනොත් එයා රතුම රතු වෙනවා.. ඒ කියන්නෙ මං එයාගෙ ඇගට පැන්නොත් හරි අතින් ඇල්ලුවොත් හරි.. එයාගෙ කන් දෙක රතූ වෙනවා එදා ඉදන්.. ඉස්සර එයා එහෙම නෑ.. අපි දෙන්නා ඔක්කම පිස්සු වැඩ කලේ එකටමයි..  එයා දැන් මොකක්හරි හංගනවද මන්දා.. මොනා උනත්.. අනේ මන්දා..
මං වෘකයෙක් වෙන්න හේතුව මගෙ දෙමාපියොනෙ ඉතින්.. ටේ කියන්නෙ නම් මාව පැක් එකෙන් මග ඇරිලා ඇති කියලා...

𝐹𝐴𝑇𝐸 🖤|| KthWhere stories live. Discover now