2

69 14 2
                                    

One week later

අද යුනී එකෙන් අවුට් වෙන දවස.. එදා වෙච්ච දේ ඉදන් අද වෙනකන් ටේ මා එක්ක කතා කරේම නෑ.. මටත් එහෙම උවමනාවකුත් තිබ්බෙ නෑ... ඒත් එයාව දකිනකොට මට තරහක් ආවා.. ඒක නිකම් ඇග ඇතුලෙන් වගේ.. එයා වෙන අය එක්ක හොදට කතා කරා.. එක පාරක් දෙකක් මං දිහා හොරෙන් බලනවත් අහුවුනා.. මම මැරි කරනවා කිව්වම එයාට මං ගැන සතුටු වෙන්න බැරි නම් ඒ යාලු කම මොකටද..

දැන් තියෙන්නේ අපේ ඩිග්‍රි දෙන හරිය.. අම්මයි තාත්තයි මගෙ එහාපැත්තෙ.. ටේත් එයාගෙ අම්මයි ටේගෙ නංගි ජියායි එක්ක ඇවිත් ඉන්නවා මම දැක්කා.. මගෙ නම කියනකම් මම මේ ඉන්නේ.. මේකෙ ගොඩක් ස්ටුඩන්ට්ලා ග්‍රැජුවේට්  වෙනවනේ..

"42 th... මිස් කංග් y/n.. "

මගෙ නම කියද්දි අම්මා මගෙ උරහිසට තට්ටු කරා... මං හිනාවක් දාලා ස්ටේජ් එක උඩට ගියා..
කොන්දත් රිදෙනවා.. කී දෙනෙක්ට නැවෙන්නද.. කොහොමහරි එතන හිටපු ඔක්කොම ප්‍රොෆෙසර් ලට අංශ අනූවට නැමිලා සෙටිෆිකෙට් ටික අරගෙන අර තොප්පියත් දාගෙන මං පල්ලහාට බැස්සා.. බහිනකොට අම්මයි තාත්තයි ආවා..

"ඔයා ගැන සතුටුයි y/n.. "

තාත්තා මගෙ ඔලුව අතගාන ගමන් කියද්දි අම්මා ලස්සනට හිනා උනා.. මාත් දත් තිස් දෙකම දාලා හිනාවෙලා ෆැමිලි ෆොටෝ එකටත් හිටියා...

"Y/n අක්කේ...... "

ජියාගෙ කටහඩ නේ... මං හැරිලා බලද්දි ජියා ටේ හිටපු පැත්තෙ ඉදලා දුවන් ආවා..

"ජියා... කොහොමද කෙල්ලේ.. "

"හොදම හොදයි.. හී.. ඔයාට කොහොමද.. "

"හොදයි.. "

"මේ ඒක නෙමෙයි.. මට පේන්නෙ ඔයයි අයියයි තරහ වෙලා වගේ.. "

"නෑ.. ඇයි එහෙම කිව්වේ.. "

"අයියා ගෙදර ඉන්නෙම මූඩ් ගහලා.. කන්නෙත් නෑ සමහර වෙලාවට.. මං එක්ක කතාත් නෑ.. අක්කා ගැන ඇහුවම තරහ යනවා.. "

"අහ්.. එහෙමද.. "

මං දන්නෑ වගේ එහෙම ඇහුවත් හිත ඇතුලෙන් මටම බැනගත්තා.. ටේ ඇත්තටම අවුල් ගිහින්.. ඒත් හේතුව මොකද්ද.. කොල්ලට කෙල්ලෙක්වත් මොනාහරි කියලද දන්නෑ..

Naabot mo na ang dulo ng mga na-publish na parte.

⏰ Huling update: May 17, 2022 ⏰

Idagdag ang kuwentong ito sa iyong Library para ma-notify tungkol sa mga bagong parte!

𝐹𝐴𝑇𝐸 🖤|| KthTahanan ng mga kuwento. Tumuklas ngayon