එදින මට බැන වැදීමෙන් පසු අයියා මා දෙස රැවීමටවත් බැලුවේ නැති අතර මා කියා ගත නොහැකි සිත් වේදනාවකින් පසු වීමි.සතියකට පමණ පසු මාගෙ හොදම යහලුවා මා බැලීමට පැමිණියේ ඔහුගේ නෑදෑ ගෙදරක යන අතරමගදීය.
YEWISH DILSHAN
ඔහුද නිවසේ සියල්ලන්ගේම හිත දිනා ගැනීමට සමත් වූයේ ඔහුගේ ඇති කටකාර බව නිසාමය...අප දෙදෙනා එක වසරේ සිටම හොදම යාලුවන් වූ අතර සිත් වේදනාවෙන් සිටි මා හට ඔහුගේ පැමිණිම අතිශයින් සහනයක් විය...මා මාගෙ සිතේ තිබූ සියල්ල ඔහුට පැවසූ විට යෙවිශ් කීවේ අයියා මට කැමති බව සිතෙන බවයි.නැතිනම් මා නිරුවතින් නෑවත් ඔහුට පලක් නොවන නිසාය.
දහවල් ආහාර ගැනීමෙන් අනතුරුව අප දෙදෙනා නිවසේ ඉදිරිපස තිබූ බංකුවේ වාඩි වී මා යෙවිශ් ගේ උකුලේ හිස තබාගෙන නිදා සිටියෙමි.
එක්වරම අයියාගෙ යතුරුපැදිය මහා හඩක් නගමින් මිදුලේ නවත්වන ශබ්දය ඇසුණත් මා ඒ ගැන තැකීමක් නොකරේ ඔහු මා දෙස බැල්මකුදු නොහෙලන බැවිනි. මහසෝන් යක්ශයා මෙන් ගේතුලට වැදුණු අයියා කාමරයේ දොර මහා හඩින් වසන ශබ්දය ද ඇසුණි.
කෙසේ හෝ සවස් වන විට යෙවිශ් යාමට සූදානම් වූ අතර මා ඔහුව දැඩිව වැලදගතිමි. යෙවිශ් මගේ හිසද අවුස්සා" මං යනෝ යුවී බෝලේ "
කී විට අයියාගේ කාමරයෙන් මොනවා හෝ බිදෙන ශබ්දයක් ද ඇසුණි. මා හට එය වගක් නොවූයේ එය යෙවිශ් මට කුඩා කල පටන් පවසන නම නිසාවෙනි.
එදින රාත්රි ආහාරය ගැනීමට අයියා නොසිටි අතර යාලුවෙක්ගෙ නිවසේ බව අම්මා පැවසුවාය.මා ඔහුව දැන් දින කිහිපයකින් දැක නැතත් එය අම්මට කීමට නොහැකි නිසා මා නිහඩව ආහාර ගතිමි.
********************* *********** *****
පසුදින මා බෙහෙත් කොටමින් බිම වාඩි වී සිටින විට අයියා යතුරුපැදියෙන් පැමිණියේ කලබලයෙන් මෙනි.පැමිණ වෙද මාමාට යමක් පවසා නිවසේ කාරය රැගෙන නැවත ගිය අතර මද වේලාවකින් නැවත පැමිණියේය.නමුත් ඔහු පැමිණියේ තනිව නොවේ.ඔහු කාරයෙන් බැස අනිත් පසට ගොස් රූමත් තරුණියක් ඔසවා ගෙන වෙද ගෙදර දෙසට පැමිණියේ කලබලයෙනි. ඔසවාගෙන පැමිණි තරුණිය වෙද මාමා අසලින් තැබූ ඔහු
YOU ARE READING
Wanna Be Mine Or Not💜️(completed)
Short Storyසද එළිය වගේ ඇවිදින් හද නොපැතු දිනක රහසින් බැසනොයන් මසිත් අහසින් අත පොවනු නොහැකි දුරකින්❤️