EPISODE SIX

426 84 10
                                    

ASHWIN'S POV
( මුල ඉදන්ම මේ වෙනකල්)

මාගේ දුරකථනය නාද වන ශබ්දයක් ඇසී මා කරමින් සිටි වැඩේ ද නවත්වා දුරකථනය අතට ගත්තෙමි.එහි සදහන් ව තිබුනේ දුල්මිණ යනුවෙනි.දුල්මිණ මගේ විශ්වවිද්‍යාලයීය සමයේ හොඳම මිතුරා බව කීවොත් නිවැරැදි ය.නමුත් ඔහු ඉතා කාර්‍යබහුල බැවින් දුරකථන ඇමතුමක් ලබා දීම දුලබ දෙයකි . මා දුරකථන ඇමතුමට සම්බන්ධ වූ පසු...

" අඩෝ මචං, ගොඩක් දවසකින් ගත්තේ උදව්වක් ඉල්ලන්න"

යැයි කීවේය.දුල්මිණ සාමන්‍යයෙන් කිසිවෙකුගෙන් උදව් ඉල්ලන අයෙක් නොවේ.එම නිසා මා පුදුමයෙන්

"මොකක්ද බං??"

කියා ඇසූ විට මේ

"අපෙ චූටි මල්ලි Ayurvedic doctor කෙනෙක් මචං...ඌට පොඩ්ඩක් practical side එක වෙද මහත්තයෙක්ගෙන් ඉගෙන ගන්න ඕනිලු....උබලගෙ තාත්තා වෙද මහත්තයෙක් නේද බං....පුලුවන් නම් අහල බලපන්කෝ මචෝ"

යි කීවේය. ඒත් සමගම

"හැබැයි බං උබලගෙ ගෙදර නවත්තගන්නත් වෙනව බං මල්ලිව....ඌට වෙන තැන් වල ඉන්න බැරි වෙයි...මේ ගෙදර මිනිස්සු හුරතල් කරල කරල මේ ලෝකෙ දෙයක් තනියම කරගන්න බෑ...තමන්ගෙ වැඩ ටික ඇරෙන්න....පොඩ්ඩක් ඇත්නම් මූණ බෙරි කරගන්නවා...හිත රිද්දගන්නවා...ඒකයි"

යනුවෙන් ද පැවසීය.

"මං තාත්තගෙන් අහලා උඹට කෝල් එකක් දෙන්නම් බං උඹගෙ හුරතල් පොඩි එකාව තියාගන්න කැමතීද කියලා 😂"

යනුවෙන් පවසා මං ඇමතුම විසන්ධි කලෙමි.මං තාත්තාට විස්තරය පැවසූ විට තාත්තා ඊට කැමති වූ අතර අම්මා

අනේ හුරතල් පැටියෙක් නම් මං කැමතී....මේ ගෙදර ඉන්න අලි කොල්ලො මාත් එක්ක කතාවත් කරනවා යැයි

පවසා මට ගස්සා කුස්සියට ගියාය.තාත්තා

අපි දෙන්න ඉදලා ඉවර වෙයි මෙයාගෙ හුරතලේ ආවම කියා

සිනාසුනේ මාත් එය අනුමත කරද්දී ය.අපේ අම්මා කැමති මා ඇය සමග හුරතල් කතා කියමින් සිටිනු දැකීමට වුවද මා දැන් වයස 27 ක පමණ ලොකු කොල්ලෙක් නිසා මා එතරම් එවැනි දේවල් කරන්නේ නැත.නමුත් මා අම්මගේ ආදරය බෙදා ගැනීමට කැමැත්තක් ද නැත.ලොකු අයියා නිවසේ සිටින විට ද මා ඔහු හෝ අම්මා අසලට එනවාට එතරම් කැමැත්තක් නොවේ.
කෙසේ හෝ මා දුල්මිණ තාත්තා කැමති වූ බව කී විට

Wanna Be Mine Or Not💜️(completed)Where stories live. Discover now