12.කොටස (බෝනස්)

2.8K 386 70
                                    

එයා එහෙම  කියල මගෙන් ඇස් හංගනකොට මං ලොකු හුස්මක්  ගත්තෙ එතනින් එහාට  අහන්න ඕන දේවල් මෙතන ඉදන් අහන්න බැරි නිසයි.....ඒත් එක්කම මගෙ ෆෝන් එක රින්ග්ස් උනා එයාව පපුව උඩ තියාගෙනම එයත් එක්කම ටිකක් ඉස්සිලා කලිසම් සාක්කුවෙන් ෆෝන් එක අරන් බැලුවා....

*
*
*

සුරේන් සර්ගෙන්....

"හෙලෝ සර්....."

"කොහෙද ශාන් ඉන්නෙ....?

මං කතා කරන ඒවා මගෙ පපුව උඩ ඉන්න එයාටත් ඇහෙනවා....

"සර් අපි තාම ආපු තැනමයි....."

"ම්ම්...අද මොකක්ද උනේ..."

"සර්...?"

"මං අහන්නෙ ග්‍රීන්ලෑන්ඩ් රෙස්ටුරන්ට් එකේදි මොකක්ද අද උනේ කියලා...? මොකද මං සෝශල් මීඩියා වල දාන හැම ලබ්බම විශ්වාස කරන එකෙක් නෙමෙයි.... මේ පේන දේ නෙමෙයි වෙලා තියෙන්නෙ කියලා මං දන්නවා..."

සර් කියන දේවල් එයාටත් ඇහෙද්දි එයා ඔළුව උස්සලා ආයෙත් මං දිහා බැලුවා...

"සර් මං ඇවිත්ම කියන්නම් මොකක්ද උනෙ කියලා..."

"හරි දරුවො... දෙන්නත් එක්ක පරිස්සමින් එන්න... මං දැන් ඉන්නෙ මහරගම ඔෆිස් එකේ...."

"ම්ම්...අපි එන්නම් සර්... බුදුසරණයි..."

මං කතා කරලා ඉවර වෙද්දිම බෝ මගෙ ෆෝන් එක අතට අරන් කෙලින් වෙලා මොනවද බලන්න ගත්තා.... මං එයාට ලන් වෙලා බැලුවෙ මොකක්ද කියලා.... දැන් ටිකකට කලින් රෙස්ටුරන්ට් එකේ සිද්ධ උන දේ එකෙක් යූ ටියුබ් දාලා තිබුනෙ 'වික්‍රමසිංහ ගාමන්ට් අධිපතිගෙ සෙල්ලක්කාර පුත්‍රයා සමග ඔහුගෙ අලුත්ම පෙම්වතා ' කියලා... ඒක බලන් ඉද්දි එයා අල්ලන් ඉන්න ෆෝන් එක අතට තද වෙනකොට මං ඒ අතින් අල්ලගත්තා....

"හිතන්න එපා... උන් කියන හැමදේම ඇත්ත නෙමෙයි කියලා දන්න මිනිස්සු දන්නවා.... මගෙ මැණික සෙල්ලක්කාරයෙක් නෙමෙයි කියල මං දන්නවා... ඒ ඇති නේද....? අපිට අනිත් උන් හිතන විදිහ වැඩක් නෑ නේද ..?"

මං ඒ ඇස් දිහාම බලන් එහෙම අහනකොට එයා වේදනාවෙන් මං දිහා බලන් හෙමීට ඔළුව හෙල්ලුවා...

මගේ හිතුවක්කාරයා (Zhanyi) CompletedOpowieści tętniące życiem. Odkryj je teraz