12. කොටස

831 84 9
                                    




සිතුක වැව ළඟින් ගියා වෙලාවේ ඉදලා බෙබි හාමු කරෙ එයා කරපු වැරැද්ද හිතන එක. කොච්චර හිතුවත් එයාට එයා කරපු වැරැද්ද විදියට පෙනුණේ සිතුකව කිස් කරපු එක විතරයි. හිතලා හිතලා බැරිම තැන බෙබි හාමු වලව්වට ගියා. වලව් වත්තට කාර් එක දානවත් එක්කම කව්ශි දුවලා ආවේ මොකද එයා ගොඩක් වෙලා ඉදලා බෙබි හාමු එනකම් බලන් හිටිය නිසා. බෙබි හාමු ලගට දුවලා ආව කව්ශි වලව්ව දිහා හැරිලා බලලා බෙබි හාමු අතින් අල්ලන් ඇදගෙන ගියේ වලව්වෙන් ටිකක් දුරට වෙන්න තියෙන ගාර්ඩන් එකෙ හදලා තියෙන ලොකු යකඩ ඔන්චිල්ලාව ලගට

"මොකද කව්ශි මේ........"

ආපහු පාරක් වටපිටාව බලලා කව්ශි කතා කරන්න ගත්තා.

"මොකද උනේ සුදු අයියේ.... සිතුක අයියා කතා කරාද......"

"නැහැ..... මට මන් කරපු වැරැද්ද මොකක්ද කියලා තෙරුම් අරන් ඇවිත් සමාව ගන්න කියලා කිව්වා...."

"අයියෝ ඉතින්.... ඔයා දැන් වැරැද්ද මොකක්ද කියලා හොයා ගත්තද...."

"අනෙ මට තෙරෙන්නෙ නැ බන්....... මන් එයාව කිස් කරා එක විතරනේ වැරද්ද... එකට සමාව ගත්තම මට ගැහුවා......"

"හහ් හහ් හා..... වලව්වෙ බෙබි හාමු ගුටි කැවද... මැනිකේ මෙවා දැන ගත්තනම් ඇදන් ඉන්න ඔසරියෙන් බෙල්ල වැල දා ගනි.... බලන් ගියාන සිතුක අයියා පවර් බොටම් කෙනෙක්ද කොහෙද...."

"මන් දන්න පවර් බොටමෙක් නැ කව්ශි.... ඉස්සල්ලා මන් කරපු වැරැද්ද හොයා ගන්න ඔනි....."

"හරි දැන් මේ අහන්නකෝ.... ඔයා එදා එයාව කිස් කරෙ එයාගෙ කැමැත්තත් එක්කද සුදු අයියේ......"

"නැ මම එයාව බලෙන්නෙ කිස් කරෙ.... එත් එයත් පස්සෙ මාව කිස් කරා බන්..... එත් එක මාව රවට්ටන්න ඔනි නිසා කියලා මන් හිත්න්නේ... හරි දැන් එතකොට තමුසෙ කියන්නෙ......"

"ඔව් ඔව් ඔයා හිතන එක තමා..... ඔයා එයාව බලෙන් කිස් කරෙ මොඩයෝ..... සමහර විට එක එයාගෙ ෆස්ට් කිස් එක වෙන්න ඇති... එකත් ඔයා කරෙ බලෙන් දරුණු විදියට... කෙනෙක් බලෙන් කිස් කරනවට වඩා දෙන්නගෙම කැමැත්තෙන් කිස් කරන එක වෙනමම සතුටක් සුදු අයියේ.... අත්දැකීමෙන් කියන්නෙ...."

මතක කදුළු ( Complete ) ✔️✅Où les histoires vivent. Découvrez maintenant