පස්සට වැදුන කොටු පාරත් එක්ක සිතුක ඇදෙන් පැන්නෙ පස්ස අත් දෙකෙන්ම අල්ල ගන්න ගමන්. හදිස්සියට ඇදෙන් පැන්න එකට පොරවන් හිටිය ශිට් එක පැටලිලා වැටිලා ගැහුව එකට වඩා පස්ස බිම ඇනිලා සිතුකට රිදුනා. උනෙ මොකක්ද කියලා තෙරුම් ගන්න ටිකක් වෙලා ගිය සිතුක දැක්කෙ වද කොට්ටක් අතෙ තියන් ඉනට අතක් තියන් බලන් ඉන්න අම්මව. සිතුකට දැන්නම් අම්මව පෙනුනේ දඩුවම් දෙන්න ආව කාලි අම්මා වගෙ.
"ඇයි අම්මා ගැහුවේ....."
"ගැහුවේ? උබට මන් ඊයේ මොකක්ද කිව්වේ අහ්... බිලා ගෙදර වත්තෙ පස් පා ගන්න එපා කියලා නෙද ... එතකොට උබ මොකක්ද කරෙ ආවේ තවත් එකෙක්ගෙ කරෙන්...."
"කාගෙ කරේ..."
"කගෙ කරෙද කියලා දැන ගන්න පුළුවන් එලියට ගියාම... ගිහින් දන ගහපන් අර ඉස්සරහා තියෙන බොරළු ගොඩේ......"
"අනේ අම්මා ඔහොම දඩුවම් දෙන්නම් මන් පොඩි එකෙක් නෙවෙයිනේ...."
"උබලගෙ කර දඩු උස් මහත් උනාට උබලා තාම මට පොඩි උන්.... මගෙන් තව පාරක් කන්නෙ නැතුව පලයන්...."
ඉතින් සිතුක පස්සත් අත ගාන ගමන් බොරුලු ගොඩෙ දන ගහන්න එලියට ගියත් දැක්ක දෙයින් කටත් ඇරන් බලන් හිටියේ මේ මොකද කියලා. මොකද බෙබි හාමු වගෙම නිමලුත් බොරලු ගොඩෙ දනගහන් මුන එල්ලන් බලන් ඉන්නවා.
"උබට මන් උන් දිහා බලන් ඉන්න නෙවෙයි කිව්වේ.... පලයන් ගිහින් දනගහපන් උබත්...."
"ආව්හ් අම්මා....."
ආයෙත් පස්සට වැදුන වද කොටු පාර නිසා පස්සත් අල්ලන් දුවලා ගිහින් බෙබි හාමුයි නිමලුයි මැද්දෙ සිතුක දන ගැහුවා.
"රිදුනද සිතු...."
"රිදුනද නෙවෙයි බෙබි හාමු... ඔයා මොකද මේ දන ගහලා...."
"ඊයේ රැ මන් තමා ඔයාව එක්කන් ආවේ... එ නිසාම වෙද නැන්දට මාත් බිලා කියලා අහු උනා... "
"ඉතින් ඔයා යන්න එපැයි ඉක්මනට මාව දාලා..."
"යන්නෙ කොහෙද බන් උබ මාව බදාගෙන ඉන්නකොට...."
"මොන මොකක්? බදාගෙන.... දෙයියනේ අපේ අම්මත් දැක්කද...."
"නැන්දට ගානක් නැ සිතු...ඉතින් මන් ඊයේ රැ මෙහෙ හිටියේ... හැබැයි උදේ මන් යන්න යද්දි මට මුන සොද ගන්න කියලා කිරි තේ එකකුත් බොන්න දුන්නා.... මන් හිතුවේ එක බිලා යන්න කියලා... කොහෙද ඔයාගෙ මේ යාලුවො හැවනේ....."