..........
දෙව්නිත් අයියා ගල්ගැහිලා වගේ මං දිහා බලන් හිටියෙ එයාට මං කිව්ව දේවල් විශ්වාස කරන්න බැරිවද කොහෙද..
'අයියෙ මං කිව්වෙ මං ඔයාට අවස්ථාවක් දීලා බලන්න කැමතියි කියලා...'
මං බලාගෙන ඉද්දිම දෙව්නිත් අයියගෙ ඇස් දෙකේ කඳුලු පිරුනා..එයා හිතන්න නැතුව ඇති මං මෙච්චර ඉක්මනට එයාට මෙහෙම උත්තරයක් දෙයි කියලා..
"චතුන්‍ය ඔයා ඔය තීරණේ ගත්තෙ හොඳට හිතලා බලලා නේද...?"
දෙව්නිත් අයියා වෙව්ලන කටහඬකින් ඇහුවම මං මොනවත් කියන්නැතුව ඔලුවෙන් ඔව් කියලා කිව්වා..
"මට තාම විශ්වාස කරන්න බෑ ඔයා මට අවස්ථාවක් දෙන්නම් කිව්වා කියන එක..."
'දැන් විශ්වාස කරන්න..මං ඔයාට උත්තරයක් දුන්නා..මට මගෙ තීරණේ ගැන පසුතැවීමක් නොවී ඉන්න විදියට ඔයා වැඩ කරන්න ඕනෙ..මට මේ ගැන පස්සෙ දුක් වෙන්න බෑ අයියෙ..මොකද මට මීට කලින් කාත් එක්කවත් සම්බන්දයක් තිබිලා නෑ...'
"මං...මං පොරොන්දු වෙනවා..ඔයා කවදාවත් මේ ගැන පසුතැවෙන්නෙ නැති වෙයි..උඹට පින් බන් මාව තේරුම් ගත්තට..මං ඔයාට ගොඩක් ආදරෙයි..."
එහෙම කියලා අපි දෙන්නම ලයිබ්‍රි එකෙන් එළියට එද්දි සුනෙතුයි සවිඳු අයියයි එතෙන්ට ආවා..දෙන්නම අපි දෙන්නා දිහා අමුතු විදියට බලන් ඉද්දි දෙව්නිත් අයියා කතා කරා..
"බලන එක නවත්තපන්..දැන් එයා මගෙ..."
එයා එහෙම කියද්දි මාත් ලාවට හිනාවුනා විතරයි සුනෙතයට ෆෝම් වුනා..
"අඩෝ මේ ඇත්තද චතුවා..උඹ අපිත් නැතුවම වැඩේ ගොඩ දාගත්තා නේද..? ගැම්මක් තමා..අඩෝ සතුටුයි බන්.. සතුටින් ඉඳපල්ලා.."
එහෙම කියලා සුනෙත් සවිඳු අයියා දිහා බලද්දි එයත් ඒක ඇත්ත කියන්න වගේ ඔලුව හොල්ලලා හිනාවුනා..ඒත් එක්කම ආයෙ සුනෙතයා කට ඇරියා.. දැන් ගම කයි ඉතින්..හොඳම යාලුවො කියන්නෙ එහෙම උන්ටනෙ..
"අයියා හිතාගෙන ඉන්නෙ මූ සද්ද බද්ද නැති නිවිච්ච චරිතයක් කියලනම් අයියට වැරදිලා හොඳේ..අනතුරු අඟවලා ඉන්න ඕනනෙ..පස්සෙ නොකිව්වයි කියන්න එපා..."