13 කොටස

14 4 3
                                    

හොඳම දේ තිබුනෙ ඊළඟට....

හැමෝම මං දිහා බලන් ඉන්නවත් එක්කම ආයෙ ලයිට් ඕෆ් වුනා.. කට්ටිය එහා මෙහා වෙන සද්දෙ මං අහගෙන හිටියෙ මොනවා වෙනවද කියලා හිතාගන්න බැරුව.. විනාඩි දෙකක් යන්න ඇති.. ලයිට් එළියක් අපි ඉන්න තැනට එහායින් වැටුනා වගේම මං දැක්කා කට්ටිය දෙපැත්තට වෙලා මැදින් ඉඩක් ඉතුරු කරලා බලන් ඉන්නවා හරියට කාට හරි එන්න වගේ.. ඒත් එක්කම කවුදෝ කෙනෙක් ඇවිත් ඒ මැද්දෙන් මගෙ පැත්තට ඇවිදගෙන ආවා.. ඒ ඇවිදින විදියට මට එයාව අඳුනගන්න එච්චර වෙලා ගියෙ නෑ.. මං පුදුමෙන් බලන් හිටියෙ එතනින් හෙල්ලෙන්නවත් මතකයක් නැතුව.. එයා මං ළගට එද්දි මට එයාගෙ මූණ පැහැදිලිව පෙනුණා වගේම මටත් නොදැනී මං ඉස්සරහට ඇවිදගෙන ගියා.. මේ මං එයාව දකින්නෙ අවුරුදු තුනකට පස්සෙ...එයා එක පාරටම මගෙ ඉස්සරහින් හිටගෙන මට මල් පොකුරක් දුන්නා වගේම මට මෙලෝ දෙයක් හිතාගන්න බැරුද අවසිහියෙන් වගේ ඒක ගත්තා.. ඒත් එයා සාකුවෙන් මොකද්දෝ එළියට ගන්න ගමන් මං ඉස්සරහින් දණ ගැහුවා.. ඊළඟට වුන දේත් එක්ක මට පිස්සු හැදෙන්න ආවා.. එයා ගෝල්ඩන් කලර් පොඩි බොක්ස් එකක් එළියට අරන් ඒක ඕපන් කරලා මගෙ පැත්තට දිගු කරා...

"I am grateful for every moment we have shared together and I want to spend the rest of my life making more memories with you. Will you be my husband?"
"Today is the perfect day to propose the person who means the world to me. Will you be my forever love and say yes to spending the rest of your life with me?"

මගෙ ඇස්වලට කඳුළු ගලාගෙන ආවෙ මටත් හොරෙන්මයි.. මට මේ ස්ප්‍රයිස් එක දරාගන්න බෑ.. මගෙ කටින් වචන එළියට එන්නෙ නැති පාර මම ඔව් කියන්න ඔලුව වැනුවම එයා මගෙ අත අරන් අර බොක්ස් එක ඇතුළෙ තිබුන රින්ග් එක මගෙ ඇඟිල්ලට දැම්මා.. මට ඇඬෙනවා ඉවරයක් නෑ.. කොල්ලෙක් වුනාට මටත් තියෙන්නෙ හිතක්නෙ.. අනික කොල්ලෙක්ට මෙහෙම අවස්ථාවක අඬන්න හොඳ නෑ කියලා කවුරුත් කියලා නෑනේ..

එයා මගෙ අතට රින්ග් එක දාලා හිටගන්නවත් එක්කම මම ඉස්සරහට පැනලා එයාව බදාගත්තෙ මේ අවුරුදු තුන එයා ළඟ නැතුව මං හිටපු හැටි දන්නෙ මං නිසා.. එයාටත් එහෙම ඇති.. මං එයාව හග් කරනවත් එක්කම එයත් මාව තද කරලා හග් කරේ වටේම අය අපි දිහා බලන් ඉන්නවා කියලත් අමතක කරලා...

නුඹේ සිනා ළඟ💜️(sope)Where stories live. Discover now