30

4.1K 454 680
                                    

"හේශ්"

"....................................................................."

"හේශ්?"

"......................................................................"

"අඩෝ හේශ්.....නැගිටහන් බන්...උබ නිදිද?"

"චිරා.......මොකද බන්?"

"උබ මැරිලා වගේ බන්.මේ මොකද?"

මෙච්චර වෙලාම ස්කෝඩ් එකේ ප්‍රැක්ටිස් ඉවර කරලා ඇවිත් විනාඩි දහයක් විතර ජිම් එක එහා පැත්තේ කැඩෙට් එකේ පුටුවකින් හේත්තුවක් දාගෙන ඇස් පියන් හිටපු මාව ඇගෙන් අල්ලලා එහාටයි මෙහාටයි මේ සුදු පුතෙක් හොලවන්න ගත්ත නිසා මම අමාරුවෙන් වුනත් නැගිට්ට.

"මොකද බන්?"

"උබ අසනීපෙන්ද?"

නැගිට්ට වෙලේ ඉදන් මන් දිහා කන්න වගේ බලන් ඉදපු චිරායුවා මගේ එහා පැත්තෙන් වාඩි වෙලා මගේ කරටත් අත දාගෙන මගෙන් අහනකොට මම කරේ මගේ ටිකක් විතර දිගට වැවිලා තිබ්බ මහපැටගිලේ නියපොත්තකින් දබරැගිල්ලේ නියපොත්තක් පහුරු ගාන්න ගත්ත එකයි.අසනීපයක් කියලා දෙයක් මගෙන් පේන්න තියෙනවද නැද්ද දන්නේ නැ.හැබැයි මට එක දෙයක් විශ්වාසයි.මගේ හිතට දැන් දවස් තුන හතරකින් කිසිම සනීපයක් දැනුනේ නැ.

එදා තේක්ක ගස් අස්සේ නින්දෙන් පස්සේ අමාරුවෙන් වුනත් මම සමහරු ඉස්සරහ එලියට එන්න දගලන මගේ ඇතුලාන්තයේ ඉන්න ඒ හැංගිච්ච ලමයාව හංගගන්න දැගලුවා.ඒ කෙනා එලියට ආවෝත් මම හැගීම් වලින් සැහෙන්න අසරණ වෙනවා.මොකද ඒ තරම්ම සවේදී කෙනෙක් මම මගේ ඇතුලාන්තේ හිරකරන් ඉන්නේ.පහුගිය දවස්වල මටත් නොදැනීම එයා සමහරු එක්ක හුරතල් වෙන්න ගත්ත එකේ ඵල විපාක මම මේ දවස්වල විදවනවා.මම තාමත් මෙලෝ තේරුම්ක් නැතුව පහුරු ගාන් හිටපු නියපොත්ත දිහාම බලන් චිරායුවාට උත්තර දුන්නේ ඌ දිහා බැලුවොත් මම වෙන මගුලක් කියයි කියලා හිතලා.

"එහෙම නැ බන්."

"එහෙම නැ බන්?පිස්සු හුතක් කියන්නේ නැතුව ඉදහන්.උබව විනාඩි පහක් බලන් ඉන්න නොදරුවෙක්ට වුනත් කිව්ව හැකි උබ ඉන්නේ හොදින් නෙමෙයි කියලා.උබ ට මොකක් හරි අවුලක් නම් කියපන් බන්.මට කියන්න බැරි දෙයක් උබට නැනේ?"

නසරාණියාTahanan ng mga kuwento. Tumuklas ngayon