දුක හිතෙන මතක කතාවක් කරලා තව කෙනෙක්ට කියද්දි අපිටත් නොදැනිම කදුළු ඉස්සර වෙනවා.මට ආදරය, උණුසුම,ආරක්ෂාව, සැනසීම හැම දෙයක්ම දැනෙන යශ් අයියගෙ පපුවට ගුලි වෙලා ඒ කතාව කියද්දිත් මගේ කම්මුල් දිගේ කදුළු වැල් ගැලුවා.
"එයා මට ආදරේ කරා කියල අනිත් අයියලත් දන්නවා. සමහර විට මං එක්ක නොකිව්වට එයාලා එක්ක කියන්න ඇති. ඒ උනාට එයාගෙ පොතක් ඇතුලේ දෙයක් ලියල තිබ්බ. මං හිතනවා ඒ මං ගැන කියල"
"ඒ මොකක්ද"
මං ෆෝන් එක අරගෙන එයාට ෆොටෝ එකක් පෙන්නුවා.සදී අයියා කවදාවත් වචනෙන් නොකියපු, ඒත් එයාගෙ පොතක අන්තිම පිටුවක ලියවුණු ඒ ආදරේ. මං එදා ඒක ෆෝන් එකට ෆොටෝ එකක් ගහ ගත්ත.මොකද එදා යශ් අයියා නිසා කැඩිලා ගිහින් තිබ්බ හිත ටිකක් හරි සැනසුණේ ඒ වචන ටික නිසා........
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. "නේත්ර"
"ම්ම්ම්"
"මං උඹට මගේ පණටත් වඩා ආදරෙයි බං, උඹව මෙහෙම මගේ පපුවේ තියන් ඉද්දී උඹ වෙන කෙනෙක් ගැන කියද්දි මට පොඩ්ඩක් දරා ගන්න අමාරුයි.ඒත් ඉතින් උඹවත් ඒ කොල්ලා වත් වැරදි නෑ බං. මට ටිකක් දුකයි තමයි, ඒත් උඹ ඇත්ත කතා කරපු එක ගැන සතුටුයි. දැන් උඹේ හිතේ ඉන්නෙ මං විතරයි නේද මැණික"
"ඔව් අය්යේ, මමත් ඔයාට මගේ පණටත් වඩා ආදරෙයි. මගේ හිතේ ඉන්නෙ ඔයා විතරයි.ඒක කවදාවත් වෙනස් වෙන්නේ නෑ"
මෙච්චර දවස් යශ් අයියා මට ආදරේ කරත් මං හරියට එයාට ආදරේ කරේ නැද්ද කියලා මට හිතුනා. එයාගෙ ආදරේ වින්දා මිසක් පෙරළා එයා වෙනුවෙන් දැනෙන්න ආදරේ දුන්නද කියල වත් මට මතක නෑ. මොකද මමත් හිටියෙ ප්රශ්න ගොඩක, තාමත් ඉන්නේ ප්රශ්න ගොඩක.ඒ නිසාම මට එයාව මඟ ඇරෙයි කියල බයයි. එයාගෙ පපුවට තියන් හිටිය ඔළුව උස්සලා මං ඒ කම්මුල් දෙකටම හාදු තිබ්බ. කලුවරේ උනත් මට පෙනුනා එයා ඇස් දෙකෙන් හිනා වෙනවා.
![](https://img.wattpad.com/cover/363150730-288-k124776.jpg)
YOU ARE READING
දඬු මොණරු
Non-Fiction"ඒයි ඇටිකිච්ච ඔහොම ඉන්නවා" "නේත්ර, නේත්ර... මගේ නම නේත්ර" "මොකද උඹේ කට ඔච්චර සද්දෙ, මට ඔය වයසට වඩා උඩ පනින්න දඟලන ඇටි කිච්චන්ව පේන්න බෑ. ඒ නිසා මට කියල උඹේ ඔය ලස්සන මූණත් තහඩුව තලා ගන්නෙ නැතුව ඉඳපන්"