දඬු මොණරු 36

581 86 21
                                    

"අපි හිතුවට වඩා ළමයි ටිකක් ආවනේ බං"

"ඒක තමයි යශ් අයියෙ, පොඩි මහත්තයා ආයේ වාහනේ යවලා පොත් එහෙම ගෙන්න ගත්ත"

"හැබැයි ඉතින් පන්ති පටන් ගත්තම ඔය ඔක්කොම එයිද කියන්නත් බෑ ඉතින්"

යශ් අයියයි, පිවිතුරු අයියයි, දුවී අයියයි, තුහින සරුයි කතා කර කර එද්දී අපි පොඩිහිටියෝ ටික පස්සෙන් ගෑටුව.

"පියඹා යනවා මා ආකාශයේ....සොරි සොරි තුහින අය්යේ, මට නිකන් මේ පාවෙනවා වගේ හැඟීමක් ආවා ඒකයි ඔය සින්දුව මතක් උනේ. එහෙම නැතුව මේ ආදරෙන් මිදුනෙ එහෙම නෑ"

පන්සලේ ලොකු පඩි පෙළ බැහැලා පාරට එද්දී එක පාරටම හිනා මල කියන්න හදන සින්දුව ඇහුණ ගමන් තුහින සර් තුෂ්නිම්භූත වෙලා බලන් හිටියා. අපිත් ඒ වගේ තමයි. ඇයි දෙයියනේ තමන්ගේ ප්‍රේමවන්තයා ලඟ තියාගෙන ඔය වගේ සින්දුවක් කියන්න පුළුවන් නම් ඒ මේ වගේ පිස්සෙක්ට විතරයි.

"රෑ දවල් මල් හැඟුම් සිරි පානා මනරම් සිහිනෙකි මට පේනා.... උල්ලයි උල්ලයි ඌ... උල්ලයි උල්ලයි ඌ..."

"සඳ....කට වහ ගත්තෙ නැත්නම් මං ඔය කට තමයි බිම උලන්නේ හරිද"

"අනේ සුදු අය්යේ පාඩුවේ සින්දුවක් වත් කියන්න දෙන්නකෝ"

"ඔය බෙලෙක්ක කට අහන් ඉන්න මිනිස්සු පව් මනුස්සයෝ"

බිම් මල හිනා මලගෙ අතින් ඇදන් ඉස්සර වෙලා යද්දි මං දැක්කා දුවී අයියයි යශ් අයියයි මූණට මූණ බලන් හිනා වෙනවා. මොනව උනත් යාළුවා ගැන දුක ඇති. ඒත් ඉතින් දුකට හිනා වෙන්න මේ දෙන්න ගුලි කාලා යෑ.....

"මේ උබට මතකද අර පොඩි මහත්තයා ලඟ වැඩ කරලා නිධන් ගන්න ගිහින් හිරේ ගිය මිනිස්සු දෙන්නා"

"ඔව් ඉතින්"

"උන් දෙන්නා හිරෙන් නිදහස් වෙලා. ඔය පොඩි මහත්තයාට ගහපු එකට උන්ව තමයි සැක කරන්නේ"

"නෑනෙ... උන් මේ ගමේ නෙවෙයිද"

"ගමේ තමයි. ඒ උනාට ගෙවල් වල නෑ, වෙන කොහෙට හරි පැනලා ඇත්තේ"

"බයත් හිතෙනවා, පොඩි මහත්තයාට ආයෙත් මොනව හරි කරයිනේ ඉතින්"

"ඒක තමයි, පොඩි මහත්තයා මිනිස්සු දාලා හැම තැනම හොයන්න"

දඬු මොණරු Where stories live. Discover now