....Even though you don't mean to hurt me
you keep tearing me apart........ඔබ මට රිදවීමට උත්සාහ නොකලත්
ඔබ මාව දිගින් දිගට ම කඩාවට්ටයි....ජිමින්ගෙ කටහඬ බිඳිලා ගියා..එතනින් එහාට ජිමින් ට සින්දුව කියා ගන්න බැරි වෙලා ටිකෙන් ටික ඇස් තෙත් වෙන්න ගත්තෙ එයාගෙ ඇස් වලින් දිය ඇල්ලක් වගෙ කදුලු ගලාගෙන යන්න සලස්සමින්...ඒක ජිමින්ට නතර කරගන්න බැරි උනා. ඉතින් එතන ඉන්න අයගෙන් සමාව අරගෙන් ඉක්මනින් ම කැරෝකි බාර් එකෙන් එහාට දුවලා ගියෙ තමන්ගෙ ඉවසීමෙ අන්තෙටම ගිය අවස්තාවකයි...
.
..
.
..
ඒත් ඔය අතරෙ ජන්කුක්ගෙ මූනෙ සිදුවුනු වෙනස්කම් කවුරුත් දකින්න නැති ව ඇති...ඒ මොකද කිව්වොත් ජන්කුක්ගෙ හදවත ඉල්ලන්නෙ ජිමින් ව.. ජිමින් සින්දුව කියද්දි ජන්කුක්ගෙ පපුවට පිහි දාහකින් අනිනවා වගෙ ෆීල් එකක් තමයි එයාට දැනුනෙ.ඉතින් එයාත් එතන හිටපු අයගෙන් සමාව අරගෙන එතනින් ඇවිත් ජිමින් ගියපු දිහාවට ම දුවගෙන ගියා.
ජන්කුක් ජිමින් ව හොයාගද්දි හිටියෙ එතන තිබ්බ බිල්ඩින් රූෆ් ටොප් එකක..ජන්කුක් දැක්කා ජිමින් ඒ බිල්ඩින් එකේ අයිනෙ ඉන්නවා.. ජන්කුක්ට මොකක්දො වරදක සේයාවක් දැනුනා.
ඉතින් එයා ඉක්මනට බාගෙට හදමින් තිබුනු ගොඩනැගිල්ලෙ ලිෆ්ට් එකෙන් උඩට ගියා... ජන්කුක් ලිෆ්ට් එකෙන් එලියට එද්දි ජිමින් හිටියෙ රූෆ්ටොප් එකේ බැම්ම උඩ..ජිමින් ජන්කුක් ව දැකලා ගැස්සුනා..ඒත් එක්ක ම ඇති උනු තිගැස්මට ජිමින් ඒ බිල්ඩින් එකෙන් බිමට පැන්නා...
එතකොට ම ජන්කුක් දුවගෙන ගිහින් ජිමින්ගෙ අත් දෙකෙන් අල්ල ගෙන ජිමින් ව උඩට අදින්න උත්සාහ කලා. ජිමින්ගෙ වගේ ම ජන්කුක්ගෙ ඇස් වලත් කඳුලු පිරිලා.. ජන්කුක්ගෙ ඇහෙන් උනු කඳුලු බින්දුවක් රූටලා ගිහින් ජිමින්ගෙ කම්මුලෙ ගලාගෙන ගියා.
ඒකෙන් සිහියට ආපු ජිමින් උවනාවෙන්ම ජන්කුක්ගෙ අත් දෙක අතෑරියා
" සරංහේ කුකී... "
ඒක තමයි ජිමින්ගෙන් පිටඋනු අන්තිම වචනෙ..."හියූන් නෝ......අන්දේ හාජිමා....මාව දාල යන්න එපා.."
ජිමින් පල්ලෙහාට වැටෙනවාත් එක්ක ම ජන්කුක් කෑ ගැහුවා.."නාදු සරංහෙ හියුන්....නාදු සරංහේ..."
ජන්කුක් බිල්ඩින් එකේ හිටපු විදියට ම දිගා වෙලා ඉකිබිඳිමින් මැතිරුවා..____________________________________
YOU ARE READING
🄴🄽🄳🄸🄽🄶 ┃𝕁𝕀𝕂𝕆𝕆𝕂┃ ✅✅
Short Storyjimin loves jungkook but, jungkook hates jimin what will happen to their love story... is its a happy ending or... (sinhala translation ) 22. 11. 2022