Chapter 1

237 30 20
                                    

"ඕයි ඕයි ඇති බන් දැන්"

"උබ නවත්තපන්"

"මට කියන්නෙ උබනේ පටන් ගත්තෙ"

"මේ ඔයාලා ඔය වතුර ගහගන්න එක නවත්තනවද නැද්ද"

"ආහ් ඉදාම් උබටත් දෙන්න"

"අනේහ් මේ පලයන් එන්න එපා ගහනවා හරිද "

"හරිනේ  කරානේ දැන් මොප් කරපන් "

"හරි හරි "

"මෝඩයො පයිත්තන් ද උබ දොරත් මොප් කරනවද බන්"

"හෙහෙහේ..."

"ආදී ....යකෝව් ආදී නැගිටපන් ඕයි "

"ම්ම්ම්ම්"

"ආහ් කුමාරිහාමි ,  නැගිට්ටාද ...මහ දවාලේ පෙනිච්ච හීනේ හරි ලස්සන ඇති නේහ්...ඊයේ doze එක වැඩිපුර වැදිලද කොහෙද නේහ් මහ දවාලේ නින්ද යන්නේ....හොස්පිටල් එකේ බැරිමරගාතේ ඉන්න ලෙඩ්ඩුවත් මේ වෙලාවට නිදා ගන්නේ නෑ...මහලොකු හැදෙන ළමයි....ගන්නවා බලන්න පොත... දුන්නු වැඩ ටික කරන් ආවද ආහ් "

හරි බන් එල...ඒ හීනයක් ! හත්තික්කේ දුන්නු වැඩ! දැන් ඉතින් මං lept

"මිස් මෙ..මේ"

"මොකද මේ මේ... කරේ නෑනේ ? යනවා පන්තියෙන් එලියට ...කරලා ගෙනත් පෙන්නනවා මට
තව ඉන්නවද ආහ් වැඩ නොකරපු කුමාරිහාමිලා...යනවා වැඩ කරපු නැති ඔක්කොම බහිනවා  පන්තියෙන් එලියට
උඹලට ම හදාපු කොරිඩෝ මේවා "

"මොන වදයක්ද බන් මේ "

"මුලු ඉස්කොලෙටම පේනවා , ලැජ්ජාවේ බෑ යකෝ"

"අඩෝ අඩෝ අර අරුන් බල බල යන්නෙ අපි දිහා නේ "

"අපි නෙමෙයි ඕයි උබ දිහා "

"ඕශිට් හරි සනීපයි "

" අර මනුස්සයා කෑගහන්න කලින් කරහන් දැන්වත්...වැඩ කරන් එන්නෙත් නෑ ඒ මදිවට මහ දවාලේ නිදාත් ගන්නවා "

"හරි හරි බන් මේ කරනවා..."

"ඔය හරි පිටුවද මිනිහො අනෙත් පිටුව පෙරලපන්"

"ඒ...ඒ... අර "

"හත්තික්කේ...අද නම් ඉදලා හමාරයි"

"මොකද එලියේ ආහ් ? වැඩ කරේ නැනේ අදත් ! හොදවැඩේ "

"ආව්ව්ව් ඒක රිදුනා යකෝ.....

හිමි අහිමි ||GL|| Completed ✅Where stories live. Discover now