09 කොටස

115 13 1
                                    

'කෙවින් අපි යන්...ප්‍රශ්නයක් උනොත් සේරම ඉවරයි බන්..'

පන්‍තියෙ හිටපු තවත් කොල්ලෙක් ඇවිත් මගේ අතින් ඇද්දේ පන්තිය ඇතුලට එකපාරටම ආපු ශේනුල,යුගාන්,යුගාන්ධ්‍ර ඇතුලු අනිත් ඩිපියුටි හෙඩ් ප්‍රිෆෙක්ට්ස් ලා දෙන්නව දැකලා.යුගාන්ධ්‍ර අයියගේ පර්ස් එකෙන් රුපියල් පන්දාහේ කොළයක් අපෙ පැත්තට දික් වෙද්දි කොල්ලෙක් ඒකත් අරගෙන අපේ පන්තියේ අනිත් උන්ට එළියට යන්න සිග්නල් කරා.ඒ එක්කම ශේනුල අයියයි මිනගයි විතරක් ඇතුලේ තනිකරලා පන්තියේ දොරත් වහගෙන යුගාන්ධ්‍ර අයියලත් එළියට ඇවිත් කොමස් එක පැත්තට ගියේ යුගාන් අයියා විතරක් දොර ලග හිටගනිද්දි.

'මොකද්ද වෙන්නේ..?..'

අලුතෙන් ඉස්කොලේට ආපු තවත් කොල්ලෙක් අහද්දි මටත් දැනගන්නම ඕන උනේ මොකද්ද වෙන්නේ කියලා.

'මොකක්හරි දෙයක් සිද්ධ වෙලා බන්..යුගාධ්‍ය අයියා කියලා තියෙන්නේ ශේනුල අයියත් උන් එක්ක පන්තියකට වැඩියොත් අදාළ සිසුවා හැර අන් සියල්ල එළියට යන්න කියලා...'

'එතකොට ඔය පන්දාහ දුන්නේ මොකටද?..කෝ තේනුජයි තරුශයි..'

'පන්දාහ දුන්නේ පන්තියෙන් පිට ඉන්න කියලයි කැන්ටින් යනවා නම් ඔක්කොටම කන්නයි..අරුන් දෙන්නා දැනටමත් කැන්ටිමේ ඇති..කෙවිනා යමන් කැන්ටින් ඉතින් දැන්..ශේනුල අයියා අද නම් මිනගව මරයිද දන්නෙත් නෑ.උගෙ මූණෙන් පෙනුනා යකා නැගලා ඉන්නේ කියලා..'

'මිනගගේ යකා ශේනුල අයියා ඉස්සරහ නිදි..ඒත් ශේනුල අයියට යකා නගින්නෙම මිනග ඉස්සරහ.'

'කැම්රිම ඇත්තක් බොසා..'

'යකා විතරක් නැග්ගම ඇති වෙන ඒවා නගින්නේ නැතුව..'

'මිනග දිහා බලන් සිල් රකින්න පුලුවන්ද යකෝ! ඒකත් ශේනුල වගේ මිනිහෙක්ට..ඕක සෙට් වුනු ලව් එකක් වෙලා මිනග කෙල්ලෙක් උනා නම් එහෙම දෙතුන්වතාවක් ප්‍රෙග්නට් මේ වෙද්දි..'

කොල්ලෝ අනම් මනම් කිය කිය පාර දිගේ යද්දි මට මතක් උනේ චානුව.මන් එයාව කොමස් ඔෆිස් එකෙ දාලා ආවේ පන්තියට ගිහින් එන්නම් කියලා නේද..!

'ඕයි මන් ගිහින් එන්නම්..මල මගුලයි උනේ..මට අමතක උනානේ..'

'ඕයි කෙවිනා කොහෙද දුවන්නේ?..'

සොදුරු සිත්තමක් |BLМесто, где живут истории. Откройте их для себя