06 කොටස

100 12 0
                                    

'කෙවින්...'

'ම්ම්....'

මන් ගේම් එක දිහා බලන්ම හිටියේ දැන් ඇහැ අහකට ගියොත් මේක වින් කරගන්න බැරි නිසා.මේසෙ උඩ භූගෝලය පොත පෙරලල තිබ්බට මන් නම් කරපු පාඩමක් නෑ.

'මොකද කරන්නේ?..'

'මේ ගේම් එකෙ අන්තිම ටික...'

'කෝ දෙන්න ඔන්න ඕක මෙහාට...'

චානු ඇවිත් පොත වහලා මේසෙ උඩින් ඉදගන්නවා මන් ලාවට දැක්කා.ඒ එක්කම එයා මගේ ෆෝන් එක ඇදලා අරන් ගේම් එකෙන් බැක් වෙලා ෆෝන් එක ශට්ඩවුන් කරා.

'යා චාආආනූ!!'

'ගේම් ගහලා මේ කොල්ලගේ මොලේ හොදටම නරක් වෙලා...'

'මොකද්ද ඒ කරේ? අපරාදේ ඒක දින්නා නම් ලෙවල් අප් වෙන්නත් තිබ්බා...'

'ලෙවල් අප් නෙමෙයි...වොශ් අප් වෙලා නිදාගන්න යන්න එන්න..'

'ඔයා මගේ ඇදේ?'

'හ්ම්ම්? ඇයි බැරිද..මගේ බෙඩ්ශීට්ස් ටික හෝදන්න දාලානේ..'

'මන් බෙඩ්ශීට් එකක් දෙන්නද?..'

'ආ ඒ කියන්නේ ඇදෙන් කෑල්ලක් මට දෙන්න බෑ?..'

'අප්පො දෙන්නම් දෙන්නම් මල වදේ...'

'හ්ම්ම් ආන්න එහෙම එන්න චුටී කෙවින් හරිද...'

'අනේ නවත්තගන්නවකෝ ඕක..චුටී චුටී ගාන්නේ..'

'අනාව් මගේ චුටී කෙවින් රතුවෙලා..'

චානු මේසෙන් බිමට පැනලා ඇවිත් මගේ කම්මුල් දෙකත් ඇදලා නහයට කිස් එකක් දුන්නම මන් බැලන්ස් නැතුව පිටිපස්සෙ තිබුනු ඇදට වැටුනා.දැන් චානු මගේ ඇග උඩ.එයාට නම් හරි හිනා.මගේ ශර්ට් එකෙ කොනකින් මිරිකගෙන පපුවට නිකට තියාගෙන එයා හිනාවෙනවා.ඒ අස්සේ මගේ හාට්බීට් එක ගැලවෙන්න හයියෙන් වදිනවා.එයා වෙනදට ඉදලා හිටලා මෙහෙම කරනවා තමයි ඒත්...අද...මට ඇයි වෙනස්ව දැනෙන්නේ?

'ම්ම් ඔයා ළග සුවදයි? මන් එන්න කලින් ඇග සේදුවද?..'

'ඔව් තර්ටී මිනිට්ස් වලට වගෙ කලින්..'

'ඒනම් ආයෙ ඕනෙ නැනේ.මන් බිත්තිය පැත්තෙ නිදියන්නේ හරිද ?..'

දඩිබිඩියේ නැගිටපු චානු ඉක්මනටම කාමරේ ලයිට් එක ඔෆ් කරලා ඇදේ බිත්තිය පැත්තේ කොනට පැන්නා.මන් මටම හිනාවෙලා එයාගෙ පැත්ත හැරුනේ කළුවරෙම උනත් මට ලාවට පේන එයාගේ රූපේ දිහා බලාගෙන.එයා නිදියන්නේ පුංචි එලියක් හරි එක්ක.මට එහෙම නින්ද යන්නෑ..

සොදුරු සිත්තමක් |BLWhere stories live. Discover now