~හීන රාශියක් අරන්ම යන්න ආවේ මං...~'
මන් හිටියේ කාමරේට වෙලා අද ස්කූල් එකෙ දීලා තියෙන පොලිටිකල් නෝට් වගයක් ලියන ගමන්.ෆෝන් එකෙ ඩු නොට් ඩිස්ටර්බ් මොඩ් ඔන් කරලා තිබුනේ.කලිනුත් එක වතාවක් ඩැඩාගෙන් කෝල්ස් ආපු නිසායි එහෙම කරේ.සාලේ පැත්තෙන් චානුගේ රින්ග්ටොන් එක ඇහෙද්දි මට හිතුනා එයාලගේ අම්මා වෙන්නැති කතා කරන්නේ කියලා.
'කෙවින්..කෙවින්..ඔයාලගේ අප්පච්චි කෝල් කරනෝ...'
'ඈ? ඩැඩා ඔයාට?..'
'ඔයා ෆෝන් ආන්ස්වර් කරන්නැති නිසා වෙන්නැති..මන් ආන්ස්වර් කරනවා හරිද නොකරන එක හරි නෑනේ...'
'හ්ම්ම්..ඔයාගෙ චොයිස් එක..'
චානු කාමරෙන් එලියෙ ඉදන් කෑගහගෙනම මගේ කාමරේ ඇතුලට ආවේ ඒප්‍රන් එකත් ඇදගෙන එක අතක හැන්දක් තියන් අනිත් අතින් ෆෝන් එක අරගෙන.මන් කෝල් ආන්ස්වර් කරන්නේ නැති උනාට ඩැඩා කවදාවත් චානුට කෝල් කරලා නෑ.ඒත් මේපාර මොකාටද ලෑස්ති වෙන්නේ?
'මන් ස්පීකර් දාන්නම් ඔයත් අහගෙන ඉන්නකෝ..'
'හ්ම්ම් හරි...'
පුටුවේ වටයක් කැරකිලා එයා ඉන්න පැත්ත හැරුනේ එයාත් ලග තිබුනු පුටුවක් ඇදගෙන ඉදගන්නකොට.
'හෙලෝ චානුල්‍ය පුතා?'
'හෙලො අන්කල්..'
'අනේ මන් මේ හදිස්සියෙම කෝල් කරේ කෙවින් ඉන්නවද ගෙදර? මේ ළමයා මගේ කෝල්ස් ආන්ස්වර් කරන්නෑනේ..'
'ම්ම්..කෙවින් ඉන්නවා අන්කල්..එයා පාඩම් කරන ගමන් හිටියේ..සමහරවිට ෆෝන් ඔෆ් කරලා ඇති..'
'ආ එකනේ පුතා..මමත් බය උනා මොකද කියලා..චුට්ටකට එයාට ෆෝන් එක දෙන්න බැරිද..'
'ආ පුලුවන් ටිකක් ඉන්න අංකල්..'
චානු මගෙ මූණ දිහා බලන් ඉද්දි මන් මූණ බෙරිකරගත්තේ දැන් ඩැඩා එක්ක කතා කරන්න මට මෙලෝම මූඩ් එකක් නැති නිසා.අනේ මට බෑ ඔය ගෙදර ඉන්න දෙමහල්ලෝ දෙන්නා එක්ක කතා කරන්න.ඇයි දන්නෑ මාස දෙකකට විතර පස්සේ මට අමතන්නේ?
'කියන්න තාත්තා..'
බැරිම තැන මන් කට ඇරියේ දැන් කතා නොකරොත් ආයෙ කෝල් හැටක් විතර ගන්නවා කියලා දන්න නිසා.ඊටපස්සෙ එ ආන්ස්වර් නොකරම මෙහෙට එනවයි මල කරදරේනෙ.
YOU ARE READING
සොදුරු සිත්තමක් |BL
Non-Fictionහීන රාශියක් අරන්ම යන්න ආවේ මං ආදරෙන් එහා පෙනිච්ච චණ්ඩ මාරයක් ආකහේට පෙම් බදින්න හේතු කෝටියක් තාරකා වලින් එහාට පෙවුන සිත්තමක් වේදනා කෙසෙ කියන්න දන්නේ නෑනෙ මං මුසාබස් ගොතා කියන්න කාරණා නැතත් හීන මානයෙන් මිදෙන්න ඕනේ නෑ තවත් ආලකම් කෙසේ පෙනෙම්ද නුඹට කෝමවත...