3

361 35 13
                                    

"හරී...ඔය වගේ ගාණකදි අපි ඉස්සෙල්ලාම බලන්න ඕනෙ...කවුරුහරු අන්න අරකිට කූද්දපන් !!"

මොකෙක්හරි දබෝස් ගාල මගේ පිට අතගෑවා. හෝන්දු මාන්දු වෙලා වටපිට බලමු මං බඩතඩි ගනන් සර් මගේ පැත්තට ඇවිදන් එන හැටි දැක්කා. අද නම් පුතේ බීඑස් තමයි.

"ඇයි උඹට රෑට වෙන වැඩ තියෙනවද මේ මහ දවාලේ නිදාගන්නේ. මෙලෝ වැඩක් කරන්නෙ නෑ. කිසි කමකට නෑ පන්තියෙ හිටියා කියලා. උගන්නන වෙලාවෙ නිදි. ඊලඟට අම්මලා මෙතන්ට කඩාපාත් වෙනවා එග්සෑම් එකට ලකුණු නෑ කියාගෙන. " සර්කාරයා කියන කිසිදෙයක් මගේ ඔලුවට ගියෙ නෑ. මං තාම හිටියෙ ප්‍රොසෙස් සෙක්ශන් එකේ.

"කෝ ගනින් ඊයෙ දුන්න හෝම්වර්ක් ටික" අදනම් ඉවරයි පුතේ හම්බෙයි උඹට අද හොඳවැයින්...

මං තටමල තටමලා පාඩම් දෙක තුනක් තිබ්බ තනි රූල් පොතක් ලොකර් එකෙන් එලියට ගත්තා. ඔක්කොම සබ්ජෙක්ට්ස් ලියන්නෙ පොත් තුනක කියලා මං කොහොමද සර්ට කියන්නේ. ඊටත් ගණන් පොතක් නෑ කියලා කිව්වොත් ශුවර් ශොට් කන්න වෙනවා අම්බානක.

මගෙන් උදුරලා ගත්ත පොත මගේම ඔලුව උඩින් පියාඹලා ගියා.

"පලයන් එලියට ගිහින් දණ ගහන් හිටපන් !!! තමුන්ලා වගේ උන් අනික් ලමයින්ට ඉගෙන ගන්න දෙන්නෙත් නෑ අපෙත් කාලෙ නාස්ති කරනවා. " සර් බෙරිහන් දුන්නේ ආයෙත් මගේ පිට අතගාලා.

දෙව්මි මගේ දිහා දෙකට දෙවාරන්නෙ වගෙ බලන් හිටියා. එයාට අවුලක් නෑ කියන්න පොඩි සයින් එකක් දීලා මං ලැජ්ජාව පැත්තකින් තියලා ක්ලාස් එක ලඟින් දණ ගහගත්තෙ දන්න කෙනෙක්නම් මෙතනින් යන්නෙපා කියලා හිතින් හිතන ගමන්.

කවද්ද ඉතින් මං ඉල්ලපු දෙයක් සිද්ධ වුණේ....

ප්‍රිෆෙක්ට් බෝඩ් එකේ මොකක්ද මගුලකට ඉන්විටේශන් එකක් අරන් ආවෙ නැතැයි හෙඩයි ඩීජී සීයි තව බට්ටො දෙන්නෙකුයි.

"මොකෝ නන්ගෙ මේ..." කෝකි එහෙමත් නැත්තන් ඩීජීසී මට කින්ඩිය දැම්මා. මං ඒකිට ඔරෝලා එහා පැත්ත බලාගත්තහම හිටියෙ නැතෑ අර හීනි ඇස් දෙක මං දිහා බලාගෙන. මං නම් ගිය ආත්මෙ ලොකූ පවක් කරලා තියෙනවා වගේ. ඒකි හිටියෙ හිනාව පුපුරන්න ඔන්න මෙන්න වගේ තද කරගෙන. එදා අර සිද්ධියෙන් පස්සේ යන්තන් හිරිවැටුණ මගේ පපුව දැන් ඒකිව දකිද්දි වේගෙන් ගැහෙන්න ගත්තා. කොහේවත් ලැජ්ජාවකුත් එනවා ඒ අස්සෙන්. පොඩ්ඩක් වැදගත් විදිහට ඉන්න බලනවා. මට තේරෙන්නෑ මොනා වෙලාද කියලා මට.

ස්නේහ (GL) Dove le storie prendono vita. Scoprilo ora