11

248 34 23
                                    

"මාලබේට එකක්..." බස් එකට ටිකට් ගත්ත මං බෑග් එකෙන් මහනුවර රාජධානියෙ ටියුට් එක අතට ගත්තා. පේපර් එකේ අනිවාර්‍ය ප්‍රශ්නයක්. ඊලඟට පපුවෙ බර හෑල්ලු කරගන්න ලොකූ හුස්මක් අරන් මං ටියුට් එකේ පිටු අතර ගිලුණා.

බස් එක ගැස්සෙද්දි ඔලුවෙ කැක්කුමට අල්ලන නිසා මං ෂටර් එකට ඔලුව තියාගෙන ඇස් පියාගත්තා. ඉතින් හැමදාම වගේ අමතක කරන්න කරන්න මතක් වෙන දේවල් මගේ ඇස් වලට පේන කළුවරේ මැවිලා පේන්න ගත්තා.

එදා..හරියටම දෙසැම්බර් 18 වෙනිදා ඒ විදිහට අපි වෙන්වුණා. කෑගහලා ආදරෙයි කියන්න හිටිය මට කොඳුරලා වත් ඒක කියාගන්න බැරිවුණ එක ගැන ලොකු දුකක් දැනුණා. පුදුම තරම් අමාරුවෙන් හිත පාලනේ කරගෙන පොඩ්ඩිගෙන් මං ගොඩක් දුරකට ආවා. ඒත් ඒකි නෙමෙයි තත්පරේකටවත් මාව අතෑරියේ. හැබැයි අර ලොකු ඇස් දුක හිතෙන විදිහට තවත් ලොකු කරගෙන මං දිහා බලන එක ඇරෙන්න එයා නෙමෙයි වචනයක්වත් කතා කළේ. මං කියලා මොනා කරන්නද...ලඟට අරගෙන මේකෙන් වෙන්නෙ ඔයාගෙ ජීවිතෙ විනාස වෙන එක කියලා කිව්වොත් එයා මං කියන දේ අහයිද...මගේ සතුටද ඒකිගෙ අනාගතේද කියන දෙකෙන් එකක් මට තෝරගන්න සිද්ධ වුණා. මට නොසෑහෙන්න විඳවන්න වුණානම් තමයි. ඉතින් ඒකට මොනා වෙනවද...

දවස් සති මාස ගණන් වලට පෙරලුණා. මං හරි ආත්මාර්ථකාමීව අඩුම ගාණෙ එයා මට තාමත් ආදරෙයි කියලා හිතන් හිටියා. ඒත් එයා බලන් ඉද්දි වෙනස් වුණා.

එදා මං හිටියෙ ලයිබ්‍රියෙ. අතේ තිබුණෙ සාර භූමි. මගෙ ඇස් ඉස්සරහ හිටියෙ කෝකිලා. එයාගෙ තද දුඹුරු ඇස් මගේ තද කළු ඇස් එක්ක ලොකු සෙල්ලමක් පටන් අරන්. මට ඒක තේරුණා. මං පොතෙන් ඔලුව ඉස්සුවෙ ඇස් වලින් ඇයි කියලා අහන ගමන්.

"උඹල දෙන්නා තාමත් යාළුද...." ඒකි මගෙන් ඇහුවා. අහන්නෙ මොකක්ද කියලා හොඳටම තේරුණත් මං ඇහුන්නෑ වගේ හිටියා .

"ඕයි...මං උඹට කතා කරන්නෙ..." එහා මේසෙ හිටපු ළමයි දෙන්නත් අපි දිහා බැලුවා.

"මොකටද උඹ අහන්නේ..." පපුව හිර වෙන්න නොදී මං ඇහුවා. කෝකිලා මාව ඇස් වලින් බය කරන්න හදනවා. මාත් ආපිට එයා දිහා බලාගෙන හිටියා.

ස්නේහ (GL) Where stories live. Discover now