14

239 34 15
                                    

"රුදුරු ලෙස කඩාවැදි නුඹ

සියල්ලම අනෙක්පස හරවමින්

එහෙ මෙහෙ දසතම සිසාරා

මහද බිඳ දැම්මේ ඇයි

කියනු මැන"

ඉතින්...ඇය අහනවා මෙච්චර කලක් මගේ හිත සනසපු, නිවපු, ආදරේ කරපු ඔයා දැන් ඇයි හුලඟක් වගේ ඇවිත් මගේ හදවත බිඳලා දැම්මේ කියලා. ඒකට ඔහු මෙන්න මෙහෙම පිලිතුරක් දෙනවා පැදිපෙලේ අවසානයත් සනිටුහන් කරමින්ම.

"වෛරයම නහර තුල ඔඩු දුවන මිනිස් කැල

දෙනු ලබන පීඩාව විඳිය නොහැකිය නුඹට

එක්වීමක් නැති වෙන්වීම පමණක්ම ඇති

පොළොවක

රුදුරු ලෙසම නුඹ රිදවා වෙන්වූයෙමි මම ම

අර ඈත කොන පෙනෙන ප්‍රේමයේ භූමියට

හැකියිනම් නුඹ එන්න

විඳින්නට අසීමිත ආදරය !"

මෙන්න මේ විදිහට එක්තරා ආදර කතාවක් අවසාන වෙනවා. ඔබත් රටේ ලෝකෙ ඕනෙ තරම් මේවගේ ආදර කතා අහලා දැකලා ඇති. මේකෙ කොල්ලා පුදුම තරම් පරාර්ථකාමියෙක් මං දකින විදිහට. ඒ වගේම බයගුල්ලෙක්. ලෝකෙන් එල්ල වෙන්න පුලුවන් කියලා හිතන අනේකවිධ බලපෑම් වලට බයවෙලා තමන්ගෙ කෙල්ලව අතාරින්න තරම් මෝඩයෙක්. ඒ වගේම එකතුවීමක් නැහැයි කියලා තේරුම් අරන් කෙල්ලට අවම දුකක් දීලා වෙන්වෙන්න උත්සහ කරපු අහිංසකයෙක්.

මෙහෙම චරිත මේ මහපොළව ඇතුලෙ හුස්ම ගන්නවා.එයාලා අනෙක් අය ගැන හිතලා පුදුම තරම් කැපකිරීමක් කරනවා. ආදරය මිනිස්සුන්ගෙ බුද්ධිය මරලා දානවා. තවත් වෙලාවකට ඒ ආදරයම නැති බුද්ධියක් මවා පානවා.....

පලා පාට විසිරිච්ච ලස්සනම ලස්සන තැනිතලාවක අත් අල්ලන් ඉන්න කෙල්ලයි කොල්ලයි දිහා බලන ගමන් මං පොතේ දාරේ තද කරලා අල්ලගෙන හිටියා. බිමට වැටෙන්න පොරකන කඳුලු මං හරිම අමාරුවෙන් පාලනේ කරගෙන හිටියෙ. මං ලාවට ඇස් හරවලා ඉස්සරහම වාඩිවෙලා හිටපු එයා දිහා බැලුවා. එයා කාත් එක්කද ලොකු කතාවක. ඉස්සර බරසාර දේවල් ගැන කතාකරද්දි එයාගෙ ඇහිබම ඇකිලෙන විදිහයම අදත් එහෙම වෙලා. මං තත්පර ගාණකට සුදු ගවුම ඇඳන් ඉන්න කවිනිව එයාගෙන් දැක්කා.

ස්නේහ (GL) Waar verhalen tot leven komen. Ontdek het nu