107

480 96 172
                                    

මිනිස්සු කවුරුත් සර්ව සම්පූර්ණ නෑ. දෝණි වුනත්, මගෙ අම්මා වුනත්, සතූ වුනත් කොටින්ම මම වත් සර්ව සම්පූර්ණ නෑ.

"මේ ලුණු වතුර මට එපා වෙලා බං දැන්." ගල්කිස්සෙ මුහුද අයිනෙ මම සතූ එක්ක ඉදගෙන ඉන්න ගමන් මම කිව්වා. මට ඕනේ ආයෙත් මොකෙක්වත් නැති සීතලක ගිහින් ගිමන් අරින්න.. සතියෙ දවස් වලට හිස් වෙන මුහුදු තීරය වෙනදා වගෙම රස්නෙ නම් අඩුවක් නැතුව දෙද්දි මුහුදු හුළගත් ඇගේ වැදීගෙන යනවා.

"මම ආසයි.... අපිට බැරිද නැවක් අරන් දූපතකට ගිහින් තනියම ජීවත් වෙන්න."

"මේ අතරමන් වෙලා තියෙනවා මදිද?"

"නෑ ටූන මම කියන්නෙ දූපතක."

"ලංකාව කියන්නෙ දූපතක් තමයි"

"තමුසෙට රෝමැන්ටික් වෙන්නම බැරිද?"

"දූපතෙයි රෝමැන්ටික් කමෙයි සම්බන්දේ මොකක්ද?"

"අමතක කරපන්... වරෙන් නාමු..."

"සතූ..."

"මොකො..."

"මෙන්න මෙහෙ වරෙන්..." මම වැල්ලෙ නිදාගෙන අරුව මගෙ ලගට ඇදලා ලං කර ගත්තා.

"දැන් ඇයි ඔය රෝමැන්ටික් වෙන්නෙ."

"රෝමැන්ටික් නෙවේ... දෙයක් අහන්න."

"මොකක්ද?"

"චූටි නැන්දව හිරේ යවන්න පුලුවන් හොර ඔප්පු කතාවට. එයා බලහත්කාරයෙන් සරදියල්ට කියලා අත්සන් කර ගත්ත නිසා අපිට ඒකෙ වාසිය තියෙනවා. මම කරන්නද?"

"ඔයා හැමදේම කරන්නෙ හේතුවක් ඇතුවනෙ. අනික මට පුලුවන් උඹට සපෝර්ට් එක දෙන්න විතරයි."

"අපි මහා උගුලක වැටුනේ බං. අපේම ඌන් අටවපු උගුලක."

"ටූන..."

"ම්ම්ම්ම්..."

"මම දන්නෙ නෑ ලොකු අම්මලා මේකට සම්බන්දද කියලා. එත් ඔයා චූටි නැන්දලගෙ කාරණේ ලොකු අම්මා දැනගත්තොත් හොදයි නේද?"  සතූ කිව්ව දේ හරි. කියන විදියට රුවන් අයියගෙ අසනීපෙ යටින් බෙහෙත් කරේ ලොකු අම්මා. මම නුවරඑළියෙ ගිහිල්ලා මේ ප්‍රශ්නේ විසදන්න වෙනවා...

"ආව්.... පිස්සු ප&ක් තෝ..." සතූ මගෙ නිපල් එක මිරිකගෙන ඉද්දි මම ඌගෙ අතට ගහන ගමන් නැගිට්ටේ.

❄ ශීත 🍻 සම්පූර්ණයි ✅Opowieści tętniące życiem. Odkryj je teraz