110

444 96 90
                                    

"ටෂි.... ටෂි.... කෝ කන්න එන්න.. ඉක්මනින් එන්න මම පහලට යනවා..." ලොකු අම්මා දොරට ගගහා කන්න කෑ ගහපු ගමන් මම ඇහැරුනේ දැනටම උදේ වෙලාද බලන්න. වට පිටාවේ මූසල කලුවරක් තියෙන්නෙ.

"සතූ... සතූ..."

"නිදාගන්න දෙනවා රසෙල්..."

"මාස ගානක් මගෙ ගාව නිදාගෙනත් තාමත් රසෙල් රසෙල් කියවන්නෙ. අනේ මන්දා එක්කො හිතන්න ඕනේත් නෑ.

"නැගිටිනවා එලාම් එක වදිනවා... ගෙදරට දුවන්නෙ නැද්ද?" මම ඒක කිව්වා විතරයි. අරු කරන්ට් එක වැදුනා නැගිට්ටේ.

"අරූ කොරටුවට යන්න කලින් යන්න ඕනේ නේද?" යකාට දුම්මල ගැහුවා වගෙ සතූ ජොකා පිටින්ම අහු වෙච්ච ටී එකත් අරගෙන දුවන්න ගියා.

"ඕයි ඉන්නවා... සතූ එපා..." මේක නිකන් කවුරු හූ කිව්වත් උඹ උඹේ ගමන පලයන් කිව්වා වගෙ වැඩක්. දොරත් ඇරගෙන අරු දිව්වා... එතනින් එහාට මොකක් වෙයිද මන්දා...

කකුලත් තාම පොඩ්ඩ පොඩ්ඩ ඇවිලෙනවා වගෙ වුනත් මම කොර ගගහා පහලට යන්න පඩිපෙළ ළඟ නතර වුනා...

"සනා... මොකද මේ..."

"ඔ.... ඔයා... ඔයාලා නැගිට්ටද?"

"උඹ නිදාගත්තට අපි නිදාගත්තෙ නෑ. ඔය...."

"සනාව කවුරුහරි...." එහායෙ ඉදන් මෙතුෂා සනාව අහගෙන ඇවිත් අල තසිමම බිම දැන්මා. අවාසනාවකට වගෙ ගෙදරින් එළියට දුවන්න නම් කෑම කාමරේ වගෙම, සාලේත් පහු කරන්න සතූට වෙනවා.

"මොකද මෙතූෂා උඹට..." කියවගෙන ඇවිත් ලොකු අම්මා හැදි මිටත් ඔලුවට ගහන් බලන් ඉන්නවා...

"සනා උඹට රස්නේ වැඩි වෙලාද?" බේබා වතුර එකක් බීබි අහද්දි සතූ පොඩි එකෙක් වගෙ ඇඹරිලා බිත්ති ඔරලෝසුව දිහා බැලුවා. 

"මම..." සතූ නෝණ්ඩියෙන් ඇඹරිලා මගෙ දිහා බලලා අම්බානෙකට රවනවා. හැබැයි පව් වැඩේ හැබැයි. මටත් හිනා යනවා. මොනවා කරන්නද මගෙත් වැරැද්දක් නැත්තෙම නෑ...

"ආහ්... මේ මොකද ටෂි අත් පය බැදගෙන." බේබා නොදන්න තාලෙන් මගෙන් ඇහුවේ සතූට පනින්න දෙන්නද කොහෙද?

"මේ මොකද මේ කොල්ලාට තුවාල වෙලා..." ලොකු අම්මා මගෙ ලගට ඇවිත් මාව චෙක් කරද්දි සතූ දුවලා කාමරේට රිංගුවා.

❄ ශීත 🍻 සම්පූර්ණයි ✅Où les histoires vivent. Découvrez maintenant