"කොහොමද ? ඒක ලස්සනයිද ? "
අතේ තිබ්බ කඩදාසියේ අන්තිම පේලිය කියවලා කරපූ මට ඒත් එක්කම වගේ ඇහුනේ මේ මොහොතේ මං කොයිම විදිහකින්වත් බලාපොරොත්තු නොවිච්ච කෙනෙක්ගේ කටහඬක්...
මීට ටිකකට ඉස්සෙල්ලා මගේ ඇස් ඉස්සරහාදිම සුදු පාට කාර් එකේ නැගලා මනමාලිගේ ගෙදර ගිය හිච්චි හාමූ ඒ අනිත් පැත්තටම වලව්වට ඇවිත් දැන් මගේ පිටිපස්සේ හුස්මක දුරින් ඉදන් , මගේ බෙල්ල ලඟට පහත් වෙලා එහෙම දෙයක් කියයි කියලා සත්තකින්ම මං බලාපොරොත්තු උනේ නැහැ....
හාමූගේ උණුසුම් හුස්ම මගේ බෙල්ලේ ඇවිදින් වදිනකොට මගේ ඉන ලඟ ඉදන් යටි පතුල් ලඟට යනකන්ම හිරිවැටිලා ගියේ තප්පර කාලකටත් වඩා අඩු කාලේකින්....
මං එකපාරම හාමූ දිහා හැරෙන්නේ නැතුව මුලින් බෙල්ල පොඩ්ඩක් හරවලා ඇස් කොනෙන් හාමූ දිහා බැලුවා.....
බැහැ...මට ඒ මහ මුහුද තරම් ගැඹුරු...උකුස්සෙක්ගේ වගේ තියුනු ඇස් දිහා එක එල්ලේ බලන්න තරම් තවමත් ශක්තියක් නැහැ....මං කොහොමද එහෙම බලන්නේ මේ වෙද්දිත් සිංහයාගේ ගුහාව ඇතුලට රිංගුව නරියෙක් වගේ මාව හිච්චි හාමූගේ අතටම අහු වෙලා තියෙද්දි....
ඒ සද්ධාන්ත දේහ කඳ ඉදිරියේ මං පයට පෑගෙන පුංචි කුහුඹුවෙක් තරම් උනා....
" ආ උබ දැන් මං දිහා ඇස් කොනෙන්ද බලන්නේ ? හැරියන් මේ පැත්ත..."
හාමු හිටියේ මගේ උසේ තරමට පහත් වෙලා නිසා මං ඇස් කොනෙන් එයා දිහා බලපූ විදිහත් හාමූ දැක්කා...දෙවියනේ...බැංකු මංකොල්ලකාරෙක්වත් මේ තරම් පොලොසියට මාට්ටු වෙලා නැතුව ඇති....
හාමු මගේ කෝටු අතින් ඇදලා එයාගේ පැත්තට මාව හරව ගත්තාම ඒ විනිශ්චය කරන ඇස් වලින් පැනලා යන්න මං අතේ තිබ්බ කොලේ උඩට උස්සලා මුහුන වහ ගත්තා...
ඒත් හාමූ ඒ කොලේත් මගේ ග්‍රහණයෙන් උදුරලා ගත්තා...
" මේක ලියලා ඉවර වෙනකන් නිදහසට කරුණු හදා ගන්න වේලාව තියෙනවා...."
YOU ARE READING
තුහින || Thuhina ( taekook nonfic )
Non-Fictionමා මත් උනි...ඔහුගේ සුවඳ හමන පෑන් තුඩින් ලියැවුන අකුරු කියවමින් මා උන්මත්තකයෙක් උනි...ඒ වචන විස්කි වීදුරුවකටත් වඩා ප්රබල විය...මිනිහෙක්ට පුලුවන්ද ස්පර්ශයකින් තොරව උනාත් කෙනෙකුගේ යටි සිත ඒ තරමටම හිරිවට්ටන්න....පුලුවන්ද කෙනෙකුට වචන කිහිපයකින් පමණක් රා...