10 වෙනි දිගහැරුම

813 147 406
                                    

" කමලා "

උණබට වැටත් කඩාගෙන සද්ධාන්තයෙක් වගේ අපේ වත්තට ගොඩ උන හාමූ කරුවලේම ඇවිදගෙන ඇවිත් කෙලින්ම නතර උනේ අපේ අම්මා ලඟ..

" හිච්චි හාමූ..."

" මොකක්ද ඇත්තටම සිද්ද උනේ ? අර උපාලි මොනාද මෙදාපාර ඇවිල්ලා නැටුව ජවුසම ? "

" අනේ එහෙම මුකුත් උනේ නැහැ අපේ හාමූ..."

" මුකුත් උනේ නැහැ ? මුකුත් උනේ නැති නිසාද උබලා මෙතන එළියට වෙලා බලන් ඉන්නේ...උබත් කමලා මගෙන් අම්මණ්ඩි අහ ගත්ත ටිකම අහගන්නයි යන්නේ හරිද....යකෝ එකෙක් නැහැ නේ මොකක්ද උනේ කියලා කියන්න...මං දැන් පිට එවුන්ගෙන්ද මේ දේවල් අහ ගන්න ඕන අහ් !! "

" අනේ ඇයි හිච්චි හාමූ ලමාතැනිට නිස්කාරනේ බැන වැදුනේ.."

" බැන වැදුනේ හේතු නැතුව නෙමෙයි කමලා...කුනුහරප කතා කරන්න විතරයි එයාටත් ගෙදර ලෑන් පෝන් එක මතක් වෙන්නේ...ගෙට වැදිලා වෙනදාට වත්ත වටේ කැරකෙන මේකා නැති හේතුව අහනකන් එයා නෙමෙයි එක කෙල බිඳක් හෙල්ලුවේ...කියාපන්, මොකක්ද සිද්ද උනේ ? උබලාව ගෙදරින් පන්නලා දැම්මාද ? ඇයි මේ වත්ත වටේම බඩු මූට්ටු..."

" ..උපාලි...උපාලි මහත්තයා තර්ජනේ කරලා අපේ ඔප්පුව අරන් ගියා හිච්චි හාමූ...."

තුහින || Thuhina ( taekook nonfic )Where stories live. Discover now