ආයූ...|10|

98 8 8
                                    


බැනර් ටිකත් යුවේන් අයියට ගහන්න කියලා හාඩ්වෙයාර් එකෙන් තියලා උගෙන් පලු යන්න බැනුනුත් අහන් මායි යශ්මිත අයියයි පහ වගෙ වෙද්දි ආයෙම ටවුන් එකට ආවා යශ්මිත අයියට ඇදුම් ගන්න ඕන කිව්ව නිසා..... මොන ඇදුම්ද යකෝ එක්කටවත් අහලකට යන්න බැරි තරම් සෙනග... සැක් එදා උවමනාවෙන් ඇයි කියලා අහන්න තිබා හවස වැඩක්ද අහද්දි.... එනම් එදාම ඇවිල්ලා ගන්න තිබ්බා..... ජිවිතේට ලේක් රවුන්ඩ් එකට ඇවිල්ලා බුම්මන් බලන් ඉදල නෑ යකො මේ වගේ සැක්.... ආවොත් එන්නෙ කෙල්ලෙක් ටෝක් කරන්න පොඩ්ඩක් චිල් එකේ බියර් ටින් එකක් හිස් කරන්න සැක් තූ..... නිකම් යකෝ අනූව දසකෙ කපල් එක වගෙ මූ එක්ක ලේක් රවුන්ඩ් එකට ආවේ සෙනග ටිකක් අඩු වෙනකම් අද කෝමත් දහය වගෙ වෙනකම් කඩවල් ඇරලා තියේ........

උබට තිබ්බා සදීසයෝ වයිප්ව පස්සෙ දවසක ක්ලිනික් එක්ක යන්නම් කියලා එදා මූ එක්ක එන්න....

ඔලුවට කොච්චර පීඩනයක් වුනත් වෙනදට සද්දයක් නැතුව ඉන්න එක අද ඒක ඒ තරමට නොදැනෙන්නෙ ඇස් ඉස්සරහා තියෙන ලස්සන රන්තාලිය වැවේ එහා කොනේ අයිනෙන් ඉර බැහැන් යන වීව් එක ඒ තරම්ම ලස්සන නිසා කිසිම හැල හොල්මනක් නැතුව ඔහේ බෙන්ච් එකේ මට එහා පැත්තෙන් ඉදන් ඉන්න යශ්මිත අයියා දිහා බැලුවම දාස් වෙනි වතාවටත් මට හිතුනා........

අද ලේක් රවුන්ඩ් එකේ සෙනග නෑ... අපි ආව වෙලේ ඉදන් අත් පටලන් එහාට මෙහාට ගිය කපල් දෙක තුනක් ඇරෙන්න මනුස්ස පුලුටක්වත් නෑ ... බෙන්ච් ඔක්කොම හිස්.... වෙනදට ලේක් එකට ආවම දැනෙන හැගීමට හාත් පසින්ම වෙනස් හැගිමක් අද දැනෙන්නෙ.....

බැහැගෙන යන ඉර එලිය යශ්මිත අයියගේ මූනට වැටිලා..... එයාගෙ කොන්ඩේ මූනට වැටිලා එක ඇහැක් වැහිලා ගිහින්.... එයා ලාවට බ්‍රවුන් කලර් එකෙන් කලර් කරලා තිබ්බ කොන්ඩේ මූනට වැටුනු ඉස්සරහා ටික බැහැගෙන යන ඉර එලියට ලස්සනට පේනවා...... වැවෙන් එන හුලගට එයා ඇදන් ඉන්න කලු පාට මූස් ටී එක ඇගටම ඇලිලා........ දැන් දැක්කෙ මන් දනිස ගාවින් පැච් ඩෙනිම් ට්‍රවුසර් එකෙන් එයාගෙ දනහිස පේනවා ලොකු තුවාල කැලලක් ... මුට විසෙ වගෙ පොඩි කාලෙ වැටිලා වෙන්න ඇති.... මට ඉස්සරහින් තියෙනඊර බැහන් යන වීව් එකද මට එහා පැත්තෙන් ඉන්න යශ්මිත අයියගෙ වීව් එකද වැඩියෙන්ම ලස්සන.... වැඩියෙන්ම හිත නිවන්නෙ කියලා මන් මගෙත් එක්කම ඔලුව ඇතුලෙන් වද වෙවි එයා දිහා බලන් ඉද්දි... ඔව් මන් හිතුවෙවත් නැති විදියට එයත් වැලමිටෙන් අත නවලා එයාගෙ කකුල බර වෙලා මන් දිහා බැලුවා......

ආයූ | AYUU | සිංහල Bl | SinhalaWhere stories live. Discover now