ආයූ...|13|

74 9 1
                                    


කොච්චර මහන්සි පිට පැයක් හරි නිදා ගන්නවා කියලා හිතන් යශ්මිත අයියලාගෙ ගෙදරට ආවත් මට නින්දක් තිබ්බෙ නෑ .....

යුවේන් අයියට නම් ආව ගමන් ඇදට පැන්නා මොකාද වගේ පගයා නිදි ගොරව ගොරව........

යුවේන් අයියා යශ්මිත අයියගේ ඇදේ නිදන් හිටියේ මන් උට එහා පැත්තෙන් හාන්සියක් දාන් හිටියා..... යශ්මිත අයියා කොහෙද මන්දා.... ඌ නම් ආව ගමන් වොශ් බොශ් දාන්න ගියා... පුහ්....

බඩත්ගිනි මගුල.... සේප් එකේ කිචන් එකට හොම්බ දාලා කන්න මොනා හරි බලන්න ඕනි...

සීකේ ජම්ගියා අපතයා ගහලා වගේ නිදි නිසා මන් ශේප් එකේ නැගිටලා පහලට ආවේ කිචන් එකට යන්න... ඒත් ඇයි මේ දොර ඇරලා.... යශ්මිත අයියා එලියෙද......

අහවල් ලබ්බක් කරනවද මෙවෙලෙ එලියේ....  ගේට් එක ලග ඔන් වෙලා තිබ්බ පුන්චි ලයිට් එක ඇරෙන්න කිසිම ලයිට් එකක් ඔන් එකේ තිබුනේ නැති නිසා මන් ශෙප් එකේ දොර ලගට ආවා...... ම්හුක් මූ මක් කරනවද අර.....

යශ්මිත අයියගෙ ගෙදරට ගේට් එකෙන් ඇතුල් වෙනකොටම දකුණු අත පැත්තෙන් ගැට පිච්ච මල් යායක් වගේ තියෙනවා....... වම් පැත්තෙන් ගාඩ්න් එකේ අයිනෙම කැලණිතිස්ස මල් ගස් පේලියක් තියෙනවා... ඒ ගස් යට සිමෙන්ති මෙසයක් එක්කම ඒක වටේට පුන්චි බෙන්ච් හතරක් තියෙනවා..... ඇත්තටම පට්ට ලස්සනට ගාඩ්න් එක වුනත් ඩිසයින් කරලා තියෙනවා..... සුකුමාලිගේ වැඩ තමා... එක්කො මු මොන රෙද්දට කොමස් කරාද මන්දා සැක්....

යශ්මිත අයියා කැලණිතිස්ස ගස් යටින් තිබ්බ මෙසේ ලග ගෙදරට පිටුපාලා තියෙන බෙන්ච් එකේ ඉදගෙන අඹ ගහ අස්සෙන් අහස දිහා බලාගෙන ඉන්නවා...... මන් ශේප් එකේ ඒ පැත්තට කිට්ටු කලා.... මොන මගුලකට දහ දුක් විදිනවද මන්දා අහස බලන්න අඹ ගහ අස්සෙන් මෝඩ කම මේකාගෙ ... නැගිටලා පිටිපස්සට ඇවිත් හිටගත්තා නම් අපූරුවට පේනවනේ යකෝ.... ඒව් මොලේ වැඩි මේකගේ ඇග පුරාම මොලේ..............

"කෑල්ල කෝල් කරනකම්ද බලන් ඉන්නෙ......."

පුහ් ඌ ගැස්සිලා පිටිපස්ස බැලුවා... මන් තඹ දෙකකටවත් ගනන් නොගෙන ගිහින් ඌ ඉදන් හිටිය බෙන්ච් එකටම බර වුනා........

ආයූ | AYUU | සිංහල Bl | SinhalaWhere stories live. Discover now