මට වෙන මොකුත් කියන්න වුනේ නෑ තරුක කොල් එක කට් කරලා දැම්මා. මම ආපහු සාලෙට ගියේ මේකට මොනා කරන්නද කියලා හිත හිත ඒ යනකොටයි දැක්කෙ සෙතුල් ඉදන් ඉන්න තැනට ටිකක් ඉස්සරහින් මගේ boxers වගයක් තියෙනවා... මොන ලැජ්ජාවක්ද යකෝව්ව්ව් මම අඩියට දෙකට ගිහින් ඒ ටික අයින් කරා...
"හැන්ගුවට වැඩක් නෑ මන් දැක්කා"
අම්මපා මේ පොඩි එකා නම්..."හේහේ"මන් හෙන මොංගල් හිනාවක් දාලා කතාව වෙන පැත්තකට හැරෙව්වා... "ඉතිම් මල්ලී කොහොමද මන් ඇත්තටම දැනගෙන හිටියේ නෑ මල්ලී එනබවක්"
"ඒක නම් මටත් පෙනවා... මෙයිට වඩා පිලිවෙලට ඉන්න දන්නෙම නැද්ද"
ඉදන් හිටපු තැනින් නැගිටලා එයා ගේ ඇතුලේ ඇවිදින්න ගත්තා ඒ අතර තුර මගේ ඇදුනුයි කාලා තැන තැන දාපුවයි දිහා ඇගිලි දික් කර කර පෙන්න පෙන්න කියවන්න ගත්තා...
"ආහ් ඔච්චර කියවන්නෙ පුළුවන් නම් අස් කරලාදෙනවකෝ"
"මොනාද කුටු කුටු ගාන්නෙ"
"හේ මොකුත් නෑ"
"මල්ලී මොනා හරි බෙනවද "
"ම්හ් එපා"
"පුදුම ගනන්නේ යකෝ..."
මගේ ජිවිතේ ගෙවෙන විදිහ සම්පුර්ණයෙන්ම වෙනස් වෙන්න ගියේ පැය කිහිපයයි
"අයියේ කෑම ලෑස්ති"
සෙතුල් මගේ කාමරේට එබිලා කියන් ගියා. මන් එන්නම් කියලා ඔළුවත් වනලා වොෂ් එකකුත් දාන් පහලට එනකොටම මගේ නහයට දැනුන සුවද ම්ම්හ්...
"මේවා ඔයාමද හැදුවේ"
"ම්ම් ඔව්"
"රස පාටයි"
කෑම මේසේ පිරෙන්න කෑම තිබ්බ... මට මතක් උනේ මම වෙනදට කන විදිහ 😂😂 තුන් වේලම කඩෙන් කාපු මම 😂🥲
ŞİMDİ OKUDUĞUN
අසම්මත පෙම [BL Story] Completed ✅
Kısa Hikaye"තමුන් කොයි ලොකේද ආහ් ඉන්නේ. anyway තමුන් කොයි ලොකේ හිටියත් මට මොකද ඔහේ උඩ බලාගෙනද යන්නෙ.. බලනවා තව පොඩ්ඩෙන් මගේ මල්ලිට තුවාල වෙනවා.. තමුන්ටනම් කිසිම පරිස්සමක් නෑ ඔව් ඉතින් මෙතන ඇවිත් ලව් කර කර යනකොට සිහියක් තියෙද" "ඇහ්" • අහම්බෙන් දුටු ඒ රුවට පෙම...