"ආ මස්සිනේ...කෑල්ල බලම්න ඇවිත් වගේ..."
"මොකද්ද ඔය තමුසෙ කතා කරන විදිය චූටි...දෙනවා දත් ටික බඩට යන්න මං..."
මේකිත් වෙලාවටම කුස්සියෙන් මෙතනට ලෑන්ඩ් කරා....
"ඔයාගෙ බබා මේ දවස් වල පිදෙන්න හම්බුන් නැති යක්සනී වගේ ඉන්නෙ...කෝකටත් කියලා මස්සිනා අයියත් පරිස්සමින් ඈ..."
මං ඒ අහිංසකයට අනතුරු අඟවන් ගෙයි ඇතුලට ආවා....
______________________________________"ඕයි ශේනා..."
රශේන් අයියා කෑ ගහද්දි මං හද හද හිටපු කොට කොණ්ඩෙ පෝනි ටේල් එකක් දාන ගමන් එළියට ආවා....
"මගේ ශරීර කෘත්‍යවත් නිදහසේ කර ගන්න දීපියව්කො බං.."
එවෙලෙම කෝල් එකකුත් ආව නිසා ඒප්‍රන් එකේ සාක්කුවෙ තිබ්බ ෆෝන් එකත් අතට අරන් මං එළියට යන්න හැරුණා...
"චූටි අක්කා අද මං එද්දි පරක්කු වෙයි...මං එනකන් ඉන්න හරිද..."
"හරි සුද්දෝ.."
කෝල් එක අතරෙම රෂේන් අයියා ඉඟියකින් පෙන්නුව යමක් දිහා මං ඇස් හැරෙව්වා....
ඈත කොණේ ටේබල් එකක කොෆී එකක් බිබි එලිය බලන් හිටියෙ මගෙ චූටික්කි....මට ආපස්සට රෂේන් අයියා දිහා බැලුනම,එයා හිනා වුනා....
මං හිමීට ගිහින් චූටික්කි ලඟින් හිට ගත්තා....එයා බර කල්පනාවක ඉඳලා මං ආව බව දැනුණම ඔලුව උස්සලා මං දිහා බැලුවා...
"ආ අක්කනෙ....."
මං හිනාවක් දාලා එයාගෙ ඉස්සරහ පුටුවෙන් වාඩි වුණා...
"ක්ලාස් ගියාද චූටික්කි....?"
"ඔව් අක්කා...අද දිහේන්ට නම් තව ක්ලාස් එකක් තියෙනවා කිව්වා..."
"ම්ම් මට කිව්වා..."
"කෝ අද හබියා නැද්ද...?"
"එයා වැඩ අක්කෙ..."
කෙල්ල එහෙම කියලා හිනා වුනා....
මං බලන් හිටියෙ ඒ හිනාව අස්සෙ තියන හැඟීම් දිහා..ආදරේට වඩා දුක...
චූටික්කි ගියාට පස්සෙත් මං එතනම ඉඳන් ගොඩක් වෙලා බලන් හිටියා.ආයෙ කවදා දකියිද....
CITEȘTI
emotions (Completed)✓✓
Non-ficțiuneආදරය නිසා හඬන්නට හෝ හිනැහෙන්නට නොව, ආදරය නිසාවෙන් සැනසී අත්හරින්නට කියා දුන් ඔබ, යථාර්ථය පහදා දුන් ප්‍රේමණීයම කවියයි.. ඉතිං හිතවතිය, ප්‍රේරේමයට හේතු කිම...? ලෙංගතුම ඔය හිතට කොන්දේසි විරහිතව අසීමාන්තික ප්‍රේමයෙන් බැඳෙමි.... . . . . . . . #start dat...