7th emotion

318 55 8
                                    

"ඕයි මේ අහපංකො ..."

"කියපං..."

හේශාන් යන ගමන්ම උගෙ පොයිය දිගාරින්න පටන් ගත්තා....

"වෙසක් එකට මොනවයි කරන්න හිතන් ඉන්නෙ..."

"අමුතුවෙන් මුකුත් නෑ බං...ගෙදර කට්ටියත් එක්ක පන්සල පැත්තට විසිට් එකක් දාලා,දන්සලකට දෙකකටත් ඔලුව දාලා ගෙදර එනො..."

"අඩෝ මාවත් අරං පලයංකො.."

මගෙ අතක් බදා ගත්ත හේශාන් දිහා මං බැලුවෙ නිකං එක පාරට ගොම ගොඩක් පෑගුණා වගේ ලයින් එකෙන්...

"අප්පිරියයි යකෝ..කෙල්ලෙක් වගේ ඇඹරෙන් නැතුව එනවා නං වර..."

සික් මහ නින්දා සහගතයි මුගෙ  හැසිරීම..

"මොකො උඹ අපි එක්ක එන්නෙ...?"

කියන් බෑ මූ මොන මරාලයක් පහත් කරන්න යනවද කියලා සුවර් නෑ...

"ගෙදර උන් නෑ බං....මේ පාර මං තනියම,සුදු අම්මා එක්ක..."

හේශාන්ගෙ පවුලම සල්ලිකාර පවුලක්....අම්මයි තාත්තයි අයියය් තුන් දෙනාම බිස්නස් කරන්නෙ..ඒ මිනිස්සු තුන් දෙනා ගෙදරක රැඳෙන්නෙ කැස්බෑවා විය සිදුරෙන් චූ කරන්න වගේ තමයි...කලාතුරකින්වත් වෙන් නෑ....හේශාන් විතරයි ගෙදර ඉන්නෙ....

හේශානයා මට සෙට් වෙන්නෙ කොලේජ් කාලෙ....ඌයි මායි ඇටයා කාලෙ ඉඳලා ඉගන ගත්තෙ එකට...එක වසරෙ ඉඳලා වගෙයි මට මතක..ඒ කාලෙ වගේ තමයි උන්ගෙ පවුල් පිටින් ගෙවල් මාරු කරන් මෙහෙට ආවෙ...

මං ඉතිං දැං වගේම පොඩි කාලෙත් අසාමාන්‍යයිනෙ,පොඩි කෙල්ලොන්ගෙ තියන සුකුමාල වැඩ ඒ කාලෙත් මට අරහං...කෙල්ලෙක් වුණාට මං වැඩ කලේ ජෙන්ඩ එකක් නොතිබ්බ මගෙම තියරියට..මගේ පිටින් පේන්න තිබ්බ මුරණ්ඩු ගතියට තියන අකමැත්තටද මන්දා,කෙල්ලො නම් මං එක්ක යාලු වුණේම නෑ....

පටන් ගැම්මෙ ඉඳලා හිඟන්නගෙ හාල්පොත වගේ හේශානයා විතරයි මට යාලුවෙක්ට කියලා හිටියෙ...ඌයි මායි එකතු වුණාම  කරන්නෙම නස්පුට් වැඩ...පස්සෙ පස්සෙ පන්ති වල හිටපු එකා දෙන්නා සෙට් වෙලා ගැන්සියක්ම හැදුනට එක බොක්කෙ බඩවැල් දෙක වගේ අන්තිම වෙනකන්ම එකට හිටියෙ මායි හේශානයයි තමයි....ඌ මං ගැන හැම දේම වගේ දන්නෙ ඒකයි...

emotions (Completed)✓✓Where stories live. Discover now