14th emotion

278 46 30
                                    

මං ගේට්ටුව ලඟට වෙලා කල් මැරුවා....එයා තාම නෑහ්...මොනො කරනොද මන්දා...කෙල්ලො දිහා බල බල ඉන්නවද දන් නෑ මේ මනුස්පයා...දෙන්නෝන දෙකක් ආවම...

විනාඩි ගානක් යද්දි ඈතින් එන එයාව දැක්කම තරුමිණි බස් හෝල්ට් එක පැත්තට යන්න ගියා..හේසාන් අයියා ඇති ඒ පැත්තෙ...මුම්ගෙ හොරකම හුම්...

අක්කා දුවන් ඇවිත් මං ලඟ නැවතුනා....

"ගොඩක් වෙලා බලං හිටියද චූටි..."

"ම්හුක් නෑ..."

මං ඇඹරි ඇඹරි උත්තර දෙද්දි එයා මං දිහා බලං ඉන්නවා...අයෝ ලැජ්ජයි...

"යං "

එයා මාවත් ඉස්සර කරන් බස් හෝල්ට් එක පැත්තට ගාටන්න ගත්තා..

"පාර මාරු වෙමු චූටි..."

එයා රහසින් කියලා මට හිතන්නවත් ඉඩක් නොතිය මාවත් ඇදන් කහ ඉර මාරු වුණා...එහෙම කරලා පටු පාරෙ අපෙ ගෙවල් පැත්තට නැතුව අනිත් පැත්තට ඇවිත් කවුරුවත් නැති හරියකදි නැවතුනා...

මගෙ අත් දෙක අල්ලන් එතන තිබ්බ පොඩි බැම්මකින් වාඩි වුණ එයාගෙ ඇස් මගේ ඇස් මට්ටමට සමාන වෙන්න  තිබුණා....

"චූටි.."

"ම්ම්...?"

"මං ආදරෙයි කියලා දන්නවා නේද...?"

මං එයාගෙයි මගෙයි පැටලුන අත දිහා බලන් ඔලුව වැනුවා....

"ඉතිං ඇත්තටමද ආදරෙයි කිව්වෙ...?"

මං රතු වෙලා ඇඹරි ඇඹරි ඔලුව වැනුවා..

"ලෝභ නැතුව කියහංකො සුදු නෝනා...උඹගෙත් හරි ආඩම්බරකම..."

"ම්හ්...මං ආදරෙයි අප්පා...ලැජ්ජයිනේ..."

මං එක අතකින් මූණ වහන් අහකට හැරෙද්දි, එයා හිනාවෙලා මගෙ ඔලුවට අතක් තිබ්බා...මගේ කොණ්ඩ කැරලි කන් පිටිපස්සෙ රඳවන ගමන් එයා මගෙ කම්මුලක් අත ගෑවා...ඒ ඇස් වල ආදරේ පිරිලා..දිලිසෙන ඇස් මගෙ දිහා කියා ගන්න බැරි තරම් ලෝභ කමකින් වගේ බලං හිටියා....අතකින් ඇල්ලුවා ඇරෙන්න කිසිම විදියකින් මට ලං නොවුන එයා දුර ඉඳං මාව පරිස්සං කරා මෙච්චර කල්ම...ඉතිං මං ආදරෙයි...

"ආදරෙයි මං.."

ඒ බැල්ම අස්සෙ හිර වෙලාම මං කියද්දි එයාගෙ තෙත ඇස් හිනා වුණා...මගෙ පිට අල්ලට හාදුවක් තියපු එයා,ඒ අත අල්ලගෙනම නැගිට්ටා...හුස්මත් හිර කරන් එයා දිහාම බලන් උන්න මං ඒ අතේ මගේ අනිත් අත පටලා ගත්තා...එයාගෙ අත් සීතල වෙලා...එයාගෙ ඇඟිලි අතරින් මගේ හීනි ඇඟිලි දුවද්දි ඒ අත් වෙව්ලුවා..

emotions (Completed)✓✓Where stories live. Discover now