27th emotion

243 42 15
                                    

ආත්මා නිකං බෑ බෑ වගේ ඇතුලට ගියා...ශේන්යා සෝෆා එකේ වාඩි වෙලා ඉන්නවා දැක්කම කෙල පොදක් ගිලින ගමන් ආත්මා එතන ඉස්සරහින් හිට ගත්තා....

"වි...තූ..."

"මෙහෙං වාඩි වෙන්න චූටි..."

ආත්මා සෝෆා එකේ ශේන්යාට කිට්ටුවෙන් වාඩි වුනා..ශේන්යා ආත්මා දිහාවට හැරුණා...ඒ ඇස් කොන් රතු පාටයි....දාඩිය දාලා ඒ මූණ දිලිසෙනවා...

"අද වෙච්ච දේ නිසා ඔයාගෙ හිත රිදුනා...ඒකට මට සමාවෙන්න චූටි...."

"ඒකට..."

"මං කතා කරාම කතා කරන්න..."

"හ්ම්..."

"මං දන්නවා ඔයා මගෙ වෙලා හිටියා කාලයක්...හැමදේම දැන දැන ඔයාට මාව දුරින් තියන් ඉන්න වුනාට දුකයි කියන්නත් මං දන්නවා...

හැබැයි චූටි,සමහර දේවල් තියනවා,ඒ දේවල් අපිට ආපස්සට හරවන්න ඕන වුණත් හරවන්න බෑ...

මං කියන දේවල් ඔයාට නිකං ග්‍රීක් වගේ වෙයි....ඒත් තේරෙන දවසක් ආවම,ඔයා මට පිං දෙයි....

මට මගෙ චූටි මැණිකෙව ආයෙ මගෙ කියන්න බැරි හේතු තියනවා...මගෙම හේතු....මට සමාවෙන්න...මං මෙහෙම සමාව ඉල්ලන්න සුදුසු නෑ....

ඒත් අතීතෙ අපි දෙන්නව එකතු කරන්නෑ චූටි....අපි තව අඟල අඟල වෙන්න ඈත යනවා....

(ශේන්යා අහක බලා ගත්තා..)

මගෙ ඔලුවෙ තියන සමහර මතක,මට තමුසෙව මගේ කර ගන්න දෙන් නෑ...හිත හදන් තමුසෙට එහෙම අසාධාරණයක් කරන්න මට අමාරුයි...මගෙම මිනිස්සු නිසා,තමුසෙව නොදන්න ගානට මං ඉන්නවා චූටි...මට රිද්දපං...මට වෛර කරපං...ප්ලීස් මං දිහා ආදරෙන් නොබලා,මාව උඹෙං ඈතට විසි කරපං චූටි...ඔය පපුවෙන් මාව ගලවන්න බැරිව ඇති...ඒත් මාව අල්ල ගන්න  එපා...දැන දැනත් උඹව මට අයිති නැති බව,ඔය විදියට මං දිහා බලලා උඹටම මාව ලියා ගන්නෙපා චූටි...දවසක මාව නහරයක් පිපිරිලා මැරිලා යයි"

ශේන්යගෙ මත් බව නිසාදෝ ගඟක් ගලන්න වගේ වචන කෝටියක් ඒ මුවින් එළියට ආවා...වචනෙන් වචනෙනට ආත්මාගෙ හිතේ පුරව ගන්න නොතේරෙන හිස්තැන් මවපු ශේන්යා කඳුලු හලන් නැතුව කතා කලා වුණත්,ආත්මා ශේන්යාටත් එක්කම කඳුලු හලන්න ගත්තා...ආදරේ බව හොඳටම දන්නවා....ඒත් අයිතිය කියා ගන්න බැරි වුණාම පපුව වීදුරු කට්ටකින් හූරලා තුවාල කරන විදියෙ වේදනාවක් ආත්මාව වෙලා ගත්තා...

emotions (Completed)✓✓Where stories live. Discover now