5 වන පරිච්ඡේදය

449 53 39
                                    

ඒ හිටියේ ආරෝ අම්මම තමයි...ඩොක්ටර් කෙනෙක් විදිහට එයාගේ රාජකාරිය ඉටු කරන්න ඇවිත් වගේම තවත් රාජකාරියකට...ආග්‍ර සුදුඅම්මව කතාවට අල්ලගනිද්දි සුදුඅම්මා ආරෝ අම්මා දිහා බලලා අහක බලාගත්තා..

"ඇතුලෙ කවුරු හරි ඉන්නවද.."

"නෑ බන්...කාත් එක්කවත් කතා කරේ නෑනේ.."

අනූපත් එක්ක වචන හතරක් කතා කරපු මන් දොරත් ඇරන් ඇතුළට ගියේ මූ කවද්ද මේ තරම් මුරණ්ඩු උනේ කියලා දැනගන්න.බැන්ඩේජ් ගොඩකින් ඔතලා මේසෙ උඩ තියෙන මල් ටික දිහා බලන් ඉන්න ආද්විනු දැක්කම මට දුකත් හිතුනා..එයා ආසම නැත්තේ හොස්පිට්ල් වල ඉන්න.මන් බයෝ කරනවා කියලා ඉස්සර කියද්දි මූණ ඇඹුල් කරගන්න හැටි මට තාම මතකයි..

"ආද්විනු....."

"ආද්විනු...."

"ආදී.....!"

"තමුසේ ඔය තරම් මුරණ්ඩු ද ආදී.."

"හරි කතා කරන්න බැරි නම් කටපියන් හිටපන්..."

"උබ දැන් කතා කරන්නේ නැද්ද කියපන්කෝ.."

"පුදුම ලොකුකමක් නේ ආදී උබේ තියෙන්නේ.."

"මිනිහෝ...එකවතාවක් මේ පැත්ත බලපන්..එන්න උවමනාවකට ආවා නෙමෙයි...මට කරපු උදව් වලට නෑවිත් බැරි නිසායි ආවේ...දැන් උබ කියන්නේ යන්නද කියපන්කෝ.."

මුගේ ලොකුකම යකෝ..ආවේ මටත් උවමනාවකට නෙමෙයි..දැන් මුගේ රැස් බලන්නත් ඕන.දෙන්න හිතෙනවා වමතත් කැඩිලා යන්න..කොහොමත් ලියන්නෙත් වමතින් නේ..ඉතින් දකුණ තිබ්බා කියලා වැඩක් නෑ..ලෙෆ්ට් හෑන්ඩඩ් බැට්ස්මන් කෙනෙක් නිසා ඒකත් ශේප් නේ..මුගේ ලොකුකම බලන් ඉදලා බැරි නිසා මන් එළියට යන්න හදද්දි මෙන්න ආඩම්බර ආද්විනුගේ කට ඇරුනා..

"මිතාශ්ම.."

"මොකද..මිතාශ්ම තමයි..නම වෙනස් කරලා නැහැ.මොකද්ද මිනිහෝ කරන්නේ...තමුසේ දන්නවද අර එළියේ ඉන්න උන් කොයි තරම් පිච්චෙනවා ද කියලා.."

"හ්ම්ම්..."

"බකමුණෙක් වෙන්න එපා...මන් දිහා ඔහොම බලන්න එපා..කියන්න දෙයක් තියේ නම් කියනවා..ආපහු මන් එන්නේ නෑ තමුසෙව බලන්න."

අස්ථාවර-❕Where stories live. Discover now