10 වන පරිච්ඡේදය

239 23 13
                                    

දවස් දෙකක් ගිහිල්ලත් සුදුඅම්මා ආවේ නැහැ.සීයාට හොදටම අසනීපයි මම හිතන්නේ.ලොකු අක්කා කතා කරලා කිව්වා බලන්න එන්නත් එපා මටත් බෝවෙයි කියලා.මන් ඉතින් ඉක්මනට ලෙඩ අල්ලගන්නවනේ.වේලාව දහය හමාරයි කියලා මට මේස ඔරලෝසුවේ පේනවා.උදේට කාලා ඔක්කොම කරලා මන් ආපහු ඇවිත් ඇදට පැන්නේ පුටුවේ ඉදගෙන මන් දිහා බලන් ඉන්න ආද්විනුව නොදැක්කා වගේ හැසිරිලා..

"මොකද මහත්තයා නොදැක්කා වගේ හැසිරෙන්නේ.."

"එහෙම නැහැ.."

"අනේ යනවා යන්න...ඊයේත් දවසම උඩ බලන් වගෙ හිටියේ.."

"ඒනම් කල්පනා කරේ ඔයයි අම්මයි ගැන...."

මන් සිවිලිම දිහා බලාගෙන කියද්දි එයා නැගිටලා ඇවිත් ඇදෙන් ඉදගෙන මගේ අත අල්ලගත්තා.මට එයාට මුහුණදෙන්න බෑ වගේ දැනෙනවා.තාමාත් මගේ හිත කැළඹිලා තියෙන්නේ.

"ආරු මේ අහන්න...ඔයා මොනා හිතුවත් වැඩක් නෑ.එත් දැන් නම් උබට ආයේ මන් යන්න දෙන්නේ නැහැ..."

ලාවට අල්ලගත්තු අත ටිකක් තද කරලා එයා එහෙම කියද්දි මන් ලාවට හිනාවුනා.මන් ආසයි එයාගෙ තියෙන මේ මුරණ්ඩු ගතියට.ඔය මුරණ්ඩු ඇස් දෙකට පෙම් කෙරුවේ මන් රත්තරන්~
සින්දු කියනවා වගේ නෙමෙයි ආදී නම් ඉන්නේ ටිකක් අවුලෙන් පාටයි.

"කවුද කිව්වේ යන්න දෙන්න කියලා..."

"පුලුවන් නම් උබව මේ ලෝකේ මට විතරක් පේන තැනක හංගනවා මන්.."

"ඉතින් හංගන්නකෝ.."

"ඉන්නවකෝ එක්සෑම් ඉවර වෙනකම්."

එහෙම කියලා ආදී මගේ ඔලුව අතගාන්න ගත්තා.මන් කොට්ටෙ අයින් කරලා එයාගෙ උකුලෙන් ඔලුව තියාගත්තා.ශුවර් එකටම මන් රතුවෙලා ඇත්තේ.එකනේ දැන් මන් දිහාම බලන් ඉන්නේ.ප්‍රේමය අසල ප්‍රේමවන්තයා සමග සිටියදී මේ ආර්යන් මෙසෙ හැසිරීම ඉතින් විය හැක්කක් තමා! මේ ඉන්නේ මන් ඒ කාලේ ඉදන් කැමැත්තෙන් හිටපු කොල්ලානේ...

"අම්මට කතා කරලා ඔයා ගෙදර යන්න ආදී...එයා කලබල වෙලා ඇත්තේ..අප්පච්චි දැනගත්තොත් හොදටම බනීනේ "

"ඇයි මන් ඉද්දි ඔයාට වදයක්ද..."

"අනෙ මන් එහෙම කියනවා නෙමෙයි..."

අස්ථාවර-❕Where stories live. Discover now