08 වන පරිච්ඡේදය

586 48 20
                                    

වැස්සේ නාගෙන ගෙට ගොඩවෙද්දි දොරවල් වහලා.මේ වේලාවට සුදුඅම්මා ගෙදර නෑ කියන්නේ සාමාන්‍යයෙන් වෙන දෙයක් නෙමෙයි.එයා මොන ලොකේ ගියත් මන් ගෙදර එද්දි දොර ඉස්සරහ ඉන්නවා.සපත්තු දෙක ගලවන්නවත් සිහියක් නැතුව මන් මගේ බෑග් එකෙ තිබුනු යතුරෙන් දොර ඇරගෙන ඇතුළට ගියා.මේසේ උඩ කොළ කෑල්ලක් තියෙනවා.සුදුඅම්මටත් මාව එපා වෙලා එයා ගිහින්වත්ද? එකපාරටම හිතට එන දාහක් සිතුවිලි එක්ක මගේ ඔලුවත් රිදෙන්න ගත්තා.ඒ මදිවට සීතලත් එක්ක.

'සීයාට අසනීප වෙලාලු පුතේ.මන් හවස් වෙන්න කලින් එනවා,බත් උයලා තියෙන්නේ.එනකම් පරිස්සමින් ඉන්න.'

ඒ කොළේ ලියලා තිබ්බේ එහෙම.මන් මොනා කරන්නද කියලා මට හිතාගන්න බැහැ.ඉස්සර මොන දේ උනත් සුදුඅම්මා අස්සට වෙලා උන්නු මට අක්කලා දෙන්නා ගැනවත් සීයා ගැනවත් මතක් උනේ නැහැ.ඒත් දැන් මන් හොදටම දන්නවා මන් නිසා වෙලා තියෙන්නේ ඒ පවුල වෙන්වුනු එක කියලා.මන් කොල්ලෙක්.මට තනියම ඉන්න පුලුවන් වෙයි.අනිවාරෙන් මට පුලුවන්.ඒත් අක්කලා දෙන්නා? ඒ දෙන්නම කෙල්ලෝ.එයාලගේ ජිවීතේ අම්මව ඕනම කාලේ නේද මන් නිසා නාස්ති උනේ?

තාමාත් වහිනවා.ටයිල් එකත් සීතලයි ඒ මදිවට මේ ඇදුම් ඇගට ඇලිලා තවත් සීතලයි.මට කරන්න දෙයක් හිතාගන්න බැහැ.මන් මොනා කරන්නද? තනියම ජීවත් වෙන්න තරම් අනන්‍යතාවයක් ගොඩ නගාගන්න මට හයියක් තියෙනවද? සුදුඅම්මව දැන්වත් එයාගේ අයට දෙන්න මට හිත හදාගන්න බැරිද? ඇයි මේ හැමදේම මටම වෙන්නේ? ඇයි තාත්තේ ඔයාත් මාව දාලා ගියේ? අඩුම මන් මැරුනොත් මේ දේවල් හොදින් සිද්ද වෙයි නේද?
මන් ආද්විනුට ලන් වෙයි කියලා ආරෝ අම්මා බය වෙන්නේ නැතිවෙයි,ආද්විනු මාව අමතක කරලා ජීවත් වෙයි,සුදුඅම්මා එයාගේ පවුලට යාවි....හැමදේම හොදින් සිද්ද වේවී.

හිතන්න පුළුවන් හුගක් දේවල් ගැන හිතලා මන් ලොකු හුස්මක් ගත්තා.සීතලේ ගැහෙනවා උනත් බාතෘම් එක අස්සට රින්ගුවේ නාගන්න කියලා.පැය භාගෙකින් විතර නාගෙන එළියට ඇවිත් උණු වතුර ටිකකුත් බීලා පැනඩෝල් පෙත්තකුත් ගහලා ඇදට වැටුනේ මේ වේලාවේ හිතට ඕන හොද නින්දක් විතරක් නිසා.

අස්ථාවර-❕Where stories live. Discover now