"එ දුවපන් බල්ලෝ.."
"උබ වැස්සුවා නේද ආරු.."
බංකුව උඩ හිටපු සෙට් එකම හැරුනු හැරුනු අතට දිව්වේ එකපාරටම කඩාගෙන වැටුනු වැස්සට පින්සිද්ද වෙන්න.වහින්න මේඝ වර්ෂාවියේ කියපු පළියට දැන්ම වහී කියල හිතුවේ නැහැ රත්තරනේ.
කොහොමින් කොහොමහරි සති දෙකක් ගියේ ඇගට නොදැනී.එදායින් පස්සේ මන් ආපහු ආද්විනුව බලන්න නම් පැත්ත පළාතේ ගියේ නැහැ.මන් කියලත්නේ ආවේ ආයේ එන්නැ කියලා.කෙමෙස්ට්රි පිරීයඩ් එකෙ වෙලෙ මැඩම් එන්න පරක්කු වෙලා කට්ටිය කොස්සකුත් ගිටාර් එක විදිහට අරගෙන සෙට් උනේ සින්දුවක් කියන්න.ඔව් ඉතින් නැවතත් මමයි තිශේනුයි ගායකයන් වෙද්දි අනිත් උන් වාදකයින් උනා.කට්ටිය මේස උඩ නැගගෙන සින්දුව කියන්න පටන් ගත්තා පමණයි,පුප්පගෙන නටාගෙන රවාගෙන පන්තියට ආවේ කෙමෙස්ට්රි මැඩම් එක්ක ඉන්ග්ලිශ් මිස්...
"ළමයි,කෙමෙස්ට්රි පිරීයඩ් ඉවර උනු ගමන් ඔයාලා මේන්හෝල් එකට එන්න ඕන හරිද..සෙක්ශන් හෙඩ් මැඩම්ට දහතුනවසරට කියන්න දේවල් ටිකක් තියේලු."
"හරි මැඩම්.."
ක්ලාස් මොනිටර් වශයෙන් මන් නැගිටලා කියද්දි ලැබ් එකෙ හිටපු මැත්ස් එකෙ උනුත් අර ඉණට අත තියන් ඉන්න ස්ටිකරේ වගෙ ලයින් එකකින් මන් දිහා බලන් ඉන්නවා.කෙමෙස්ට්රි මැඩම් ඇවිත් එයාගෙ බහුභූතේ දිග ඇරපු නිසා කට්ටිය ඒකත් ඉවර වෙලා හිමින්සීරුවේ මේන්හෝල් එකට ගාටද්දි ආට් එකෙ උනුත් එලියට බැස්සා.ග්රවුන්ඩ් එකෙ ඉදලා ඒ පැත්තට දුවගෙන ආපු අනූපයි ආග්රයි එක්ක තව කෙනෙක් හිටියා.
අත බැන්ඩේජ් කරගෙනම ආද්විනු ඉස්කොලේ ඇවිත්....ඉස්කොලේ එන්න මුන්ට මාර උවමනාවක් තියෙන්නේ...
බයෝ එකෙ අය වම්පැත්තේ කෙරවළෙන් ඉදගන්න ලෑස්ති වෙද්දි මන් මැත්ස් එකෙ උන්ට එහාට යන්න කිව්වේ මෙතන තුහාන් කට අරිනවා කියලා දන්න නිසා.ආට් එකෙ උන් දකුණු පැත්තේ කෙරවලේ,අපි මැද,කොමස් එකයි Tech එකයි පිටිපස්සේ..අද ඒ තරම් ළමයි ගාණක් ඇවිත් නෑනේ.
"ගුඩ් ආෆ්ට්නූන් ළමයි...කෝ බයෝ එකෙ තිශේනුයි මනුලයි නෑනේ...අද ආවා නේද ආර්යන්?"
YOU ARE READING
අස්ථාවර-❕
Non-Fictionඅස්ථාවර පද පෙළක් අන්තරාවක පටලලා නොලී ඒ පෙම් කවක් ලියන්නට සිදුවුනා! -අස්ථාවර.. Nonfic-01 ශ්රී ලංකා-02 Nonfiction-48